මෙක්සිකෝවේ බිහිසුනු දුම්රිය අනතුරක් – 13ක් මියයයි
දකුණු මෙක්සිකෝවේ මගී දුම්රියක් පිලී පැනීමකින් සිදු වූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 13දෙනෙකු මියගොස් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔක්සාකා ප්‍රාන්තයේ ටෙහුආන්ටෙපෙක් දුම්රිය මාර්ගයේ ඉසෙඩ් රේඛාවේදී මෙම පිලී පැනීම සිදුව ඇති අතර ඒ වන විටත් දුම්රියේ මගීන් 250ක් පමණ සිටි බව වාර්තා වේ.
මෙම අනතුරින් පුද්ගලයින් 13දෙනෙකු මිය ගොස් තවත් 98දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ඉන් 36දෙනෙකු රෝහල් ගත කර ඇති බව ද සඳහන්.
මෙක්සිකානු නාවික හමුදාව පැවසුවේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීමට නාවික භටයින් 360ක්, ගුවන් සහ ගොඩබිම් ගිලන්රථ සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇති බවය.
මෙම අනතුරට හේතුව පිළිබඳව රාජ්‍ය සහ ෆෙඩරල් ආයතන අඛණ්ඩව විමර්ශනය කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එරට බලධාරීන් සඳහන් කර ඇත.
@අරුණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

