තවත් ඉන්ධන නැව් 4ක් ගෑස් නැව් 6ක් මේ මාසයේ පැමිණෙනවා
ඇණවුම් කළ ඉන්ධන රැගත් නැව් 04ක් සහ ලිට්රෝ ගෑස් නැව් 6ක් සැලසුම් කළ පරිදි මේ මාසය තුළ මෙරටට පැමිණීමට නියමිතය. දැනට පවතින තත්ත්වය අනුව ඉන්ධන ගබඩා කිරීමේ පහසුකම් සීමිත වුවද, මාර්තු මාසය තුළ පැමිණීමට නියමිත නෞකා සැපයුම තහවුරු කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
ලබන මාසය අවසානය වන තෙක් ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ජනතාව කලබල විය යුතු නැති බව ද සභාපතිවරයා අවධාරණය කරයි. මෙරටට තෙල් අපනයනය කරන රටවල් යුද කලාපයෙන් පිටත පිහිටා තිබීම සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට රුකුලක් වී තිබෙන බවද සභාපතිවරයා කියයි.
මෙරටට ඇණවුම් කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නෞකාවක් අමෙරිකාවේ සිට මාලේ දක්වා මේ වන විටත් පැමිණ ඇති බව ලිට්රෝ සමාගම පවසයි. එහි සභාපති චන්න ගුණවර්ධන පැවසුවේ, එම තොගය ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වන බවයි. ශ්‍රී ලංකාව ඇණවුම් කළ තවත් ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් මාර්තු 17 වැනිදා මාලේ වෙත ළඟා වීමට නියමිතය. අප්‍රේල් මාසයේදී තවත් ගෑස් නෞකාවක් මෙමරටට ළඟා වන බවත් සභාපතිවරයා පැවසුවේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

