සලේ සම්බන්ධ රහසිගත ඡායාරූපයක් හමුවෙයි
හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සුරේෂ් සලේ සහ පිල්ලෙයාන් හෙවත් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් එකට හමු වූ අතිශය දුර්ලභ ඡායාරූපයක් හමු වී තිබේ.
මෙම ඡායාරූපය මඩකලපුවේ තිව්චෙනයි නම් ස්ථානයේ දී පැවති හමුවක දී ගත් එකක් බවට මේ වනවිට හඳුනා ගෙන ඇත. යුද්ධය නිමා වීමෙන් පසුව කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව යටතේ මෙහෙය වූ ඝාතක කල්ලි විසින් තරුණයන් පැහැර ගෙන ගොස් කප්පම් ගැනීම සඳහා මෙම ප්‍රදේශයේ රඳවා ගෙන සිට ඇති බවට ද ඇතැම් වාර්තාවලින් දැක්වේ.
එවැනි ස්ථානයක සුරේෂ් සලේ සහ පිල්ලෙයාන් හමු වී තිබීම ද විශේෂත්වයකි.

@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

