Latestදේශීය

මාලිමා ඇමති ජයකොඩි සම්බන්ධයෙන් ගත් තීරණයේ නිගමනය ජනතාව සතුය

වත්මන් බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව මීට අවුරුදු 12කට පෙර සිදුවීමක් පාදක කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිස විසින් ගොනු කර ඇති නඩුවක් මේ දිනවල අධිකරණයේ හමුවේ පවතින අතර ඒ සම්බන්ධයෙන් නීතිඥ ජානක අධිකාරි විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පල කර තිබේ.

එය උපුටාගෙන පහතින් දැක්වේ,

2014 සිද්ධියකට බලශක්ති ඇමතිට අධිචෝදනා එල්ල කිරීම හා මාලිමා ආණ්ඩුවේ දූෂණයට එරෙහි සටන

================

මාලිමා ආණ්ඩුවේ බලශක්ති ඇමතිවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් අත් අඩංගුවට ගෙන පසුගිය දා අධිචෝදනා භාර දෙන ලදී.

මාලිමා ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය රදා පවතින්නේ මේ භාවිතාව හේතුවෙනි. සුන් බුන් විපක්ෂය කුමක් කීවද මේ නිවැරදි වන්නේ / කරන්නේ ලාංකීය සමාජයයි.

මාගේ තර්කයේ පදනම කුමක්ද?

සිද්ධිය අදාල වන්නේ 2014 වසරේදීය.. මේ පිළිබඳව එවකට පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වූ ජයකොඩි සහෝදරයාට චෝදනා එල්ල කරන්නේ 2015 වසරේදීය.. ඒ පොහොර සමාගමට පාඩුවක් කලබවටය.

2015 රනිල් අගමැතිය- මෛත්‍රීපාල ජනාධිපතිය

2019 ගෝටා ජනාධිපතිය.

2022 රනිල් ජනාධිපතිය.

මේ සෑම අවස්ථාවකම ජයකොඩි සහෝදරයා සිටියේ විපක්ෂයේය. ඔහු දිගටම ජවිපේ හිතවෙතෙකු මෙන්ම මාලිමාවේ ඉහළ මට්ටමේ අයෙකු ලෙස ක්‍රියා කලේය

ඉහත ජනපතිලා- අගමැතිලා මේ කිසිවෙක් යටතේ ජයකොඩිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නැත!

මාලිමා ආණ්ඩුව බලයට පත්විය. මාලිමා ආණ්ඩුවේ බලශක්ති නැමති ප්‍රබල ඇමතිකම ජයකොඩි සහෝදරයාට ලබාදුණි.

වසර එකහමාරකින් පමණ මාලිමා ආණ්ඩුවේ ප්‍රබලම ඇමතිවරයෙක් 2014 වූ සිද්ධියකට අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිචෝදනා භාර දී ඇත.

මේ වැඩේ නොකරණ ලෙස අල්ලස් කොමිසමට බලපෑම් කල කිසිවෙක් නැත. සුන්බුන් විපක්ෂය කියන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජවිපේ නීති කමිටුවේ සිටි අයෙකු බවය.

එහෙනම් ජවිපෙට  ඕනෑ ඕනෑ කැටයම් කපන්න රංග දිසානායක ජනරාල්වරයා පාවිච්චි කල හැක. මාලිමා ඇමතිගේ වැඩේ නොකර සිටීමට ජවිපේ නීති කමිටු රංග දිසානායක කටයුතු කර නැත.

මාලිමා ඇමතිට අධිචෝදනා ඉදිරිපත් වන්නේය.

එය කරන්නේ ජවිපෙ නීති කමිටු සාමාජික රංග දිසානායකය.

විපක්ෂයට මේ ආණ්ඩුවේ දූෂණ විරෝධය හෝ විනිවිද භාවය පිළිබඳ කතා කිරීමට තව මොනවත් ඉතුරු වී තිබේද?

2014 සිට අනිත් එවුන් පොල් ගෑවේද?

මගේ විශ්වාසය ජයකොඩි සහෝදරයාගේ මේ චෝදනාව ඔප්පු කිරීමට නොහැකි බවය. ඒ මා ඒ නඩුවේ කරුණු ගැන අවබෝධයක් ඇති නිසාය.

මතකතියාගත යුතු කරුණක් වන්නේ කුමක්ද?

කෙහෙළිය වැනි පල් හොරුන්ට එරෙහිව රනිල්ගේ කාලේ ආවේ දැවැන්ත සමාජ විරෝධයකි. එම සමාජ විරෝධය රනිල්ව බුල්ඩෝසර් කිරීමට නියමිත නිසා රනිල්ලා රඹුක්වැල්ල කේස් එකට අත නොදැමූ බව මගේ කියවීමයි.

නමුත් මේ ජයකොඩි සිද්ධිය ගැන පොදු සමාජය මෙලෝ හසරක් නොදනී. ඔය ජයකොඩිට චෝදනා කරන සුන්බුන් විපක්ෂයවත් එහි අඟමුල නොදනී.

නමුත් ජයකොඩි බලශක්ති ඇමතිට එරෙහිව අධිචෝදනා භාර දී ඇත! මේ කවරාකාරයේ ආණ්ඩුවක්ද? නිගමනය ජනතාවගේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *