Latestදේශීය

විදුලි ගාස්තු වැඩිවෙයි

මෙම වසරේ දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝ­ධ­නය සම්බ­න්ධ­යෙන් මහ­ජන උප­යෝ­ගිතා කොමි­ෂන් සභාව ඒක­ම­ති­කව අනු­මැ­තිය දී ඇති අතර, නව විදුලි ගාස්තු අප්‍රේල් 1 දා සිට ක්‍රියා­ත්ම­කය. එක් එක් විදුලි පාරි­භෝ­ගික කාණ්ඩ අනුව ඒක­ක­යට ප්‍රති­ශ­ත­යක් ලෙස මෙම විදුලි ගාස්තු සංශෝ­ධ­නය සිදු කර ඇත. ඒ අනුව ඒකක 30ට අඩු, ගාස්තුව වැඩි වන්නේ 4.3%කිනි. ඒ අනුව මාසික බිල්පත රුපි­යල් 15කින් පමණ වැඩි වේ.

ඒකක 31 – 60, ගාස්තුව 6.9%කින් වැඩි වන අතර, එය රුපි­යල් 45ක පමණ වැඩි වීමකි. ඒකක 61 – 90, ගාස්තුව 6.9%කින් වැඩි වන අතර, එය රුපි­යල් 120ක පමණ වැඩි වීමකි. ඒකක 91 – 180, සමස්ත කාණ්ඩය සඳ­හාම ගාස්තු 7.1%කින් වැඩි වන අතර, එය රුපි­යල් 420ක පමණ වැඩි වීමකි. ඒකක 180ට වැඩි, මෙම කාණ්ඩය සඳහා 25%කට වඩා වැඩි ප්‍රති­ශ­ත­ය­කින් ගාස්තු ඉහළ දමා ඇත. ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය විසින් සිය­ලුම පාරි­භෝ­ගික කාණ්ඩ සඳහා 13.56%ක ගාස්තු වැඩි කිරී­මක් යෝජනා කර තිබුණි. මෙම යෝජ­නාව සම්බ­න්ධ­යෙන් මහ­ජන උප­යෝ­ගිතා කොමි­ෂන් සභාව උතුරු, මධ්‍යම, දකුණු, නැ‍ඟෙන­හිර සහ බස්නා­හිර යන පළාත් පහක මහ­ජන අද­හස් විම­සීම් (Public Consultations) පව­ත්වන ලදි.

එහිදී පාර්ශ්ව­ක­රු­වන් 250කට අධික සංඛ්‍යා­වක් ලබා දුන් අද­හස්, ආර්ථි­ක­යට වන බල­පෑම සහ විදු­ලි­බල මණ්ඩ­ලයේ විය­දම් පිළි­බඳ විද්‍යා­ත්මක හා වෘත්ති­ය­මය විශ්ලේ­ෂ­ණ­ය­කින් පසුව මෙම අව­සන් තීර­ණ­යට එළඹ ඇත. විදු­ලි­බල මණ්ඩ­ලය ඉල්ලා සිටි පොදු වැඩි­වීම වෙනු­වට, අඩු ආදා­ය­ම්ලා­භීන් සහ දේශීය කර්මාන්ත ආරක්ෂා වන පරිදි කාණ්ඩ අනුව ගාස්තු සංශෝ­ධ­නය කර ඇත. විශේ­ෂිත අංශ සඳහා ගාස්තු සංශෝ­ධ­නය කර ඇත්තේ මෙසේය. ආග­මික ස්ථාන, මාසික පරි­භෝ­ජ­නය ඒකක 180ට අඩු ස්ථාන සඳහා ගාස්තු වැඩි නොකි­රී­මට තීර­ණය කර ඇත. ඒකක 180ට වැඩි ස්ථාන සඳහා 9.6%ක වැඩි වීමක් අනු­මත කර ඇත.

කර්මාන්ත අංශය, රටේ ආර්ථි­ක­යට සහ අප­න­යන කර්මා­න්ත­යට වන බල­පෑම සලකා ගාස්තු වැඩි­වීම 8.7%කට සීමා කර ඇත. හෝටල් අංශය ගාස්තු 9.9%කින් ඉහළ දමා ඇත. රජයේ ආය­තන ගාස්තු 14.1%කින් ඉහළ දමා ඇත. පොදු කාර්ය කාණ්ඩය ගාස්තු 8%කින් ඉහළ දමා ඇත. විදුලි ඉල්ලුම කළ­ම­නා­ක­ර­ණය කිරීම සඳහා කාර්ය­බ­හුල වේලා­ව­න්හිදී (පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා) වැඩි ගාස්තු­ව­කුත්, ඉල්ලුම අඩු කාල­ව­ලදී (Off-peak) අඩු ගාස්තු­ව­කුත් අය කෙරෙන පරිදි පාරි­භෝ­ගි­ක­යන්ට සංඥා­වක් ලබා දී ඇත. මෙම ගාස්තු තීර­ණය පෙබ­ර­වාරි 13 වැනි දින ඉදි­රි­පත් කළ දත්ත මත පද­නම් වූවකි. ලෝක දේශ­පා­ලන තත්ත්වය මත ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගිය­හොත්, ඒ අනුව නව යෝජ­නා­වක් ඉදි­රි­පත් කිරී­මට විදු­ලි­බල මණ්ඩ­ල­යට අව­ස්ථාව පව­තින අතර කොමි­ෂන් සභාව එය නැවත සලකා බලනු ඇත. මීට අම­ත­රව, ස්ථාවර ගාස්තුවේ (Fixed Charge) කිසිදු වෙන­සක් සිදු කර නොමැති අතර, ගල්අ­ඟුරු සම්බ­න්ධ­යෙන් පව­තින තාක්ෂ­ණික ගැටලු මෙම මූල්‍ය­මය ගාස්තු සංශෝ­ධ­න­යට සෘජුව සම්බන්ධ කර නොමැති බව ද සඳ­හන් වේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *