Latestදේශීය

ප්‍රියංකර ජයරත්න වරද පිළිගනී, නඩුව ඉල්ලා අස්කරගන්නේ නැහැ – අල්ලස් කොමිසම කියයි

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු සිවිල් ගුවන් සේවා ඇමති පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවකට අදාළව වරද පිළිගැනීම හෝ අල්ලස් කොමිසම නියම කරන වෙනත් කොන්දේසි සම්පූර්ණ කිරීමේ එකඟතාව යටතේ ඉල්ලා අස්කර ගන්නා ලෙස විත්තිය විසින් කළ ඉල්ලීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පදවි ප්‍රාප්තිය නිමිති කර ගනිමින් පවත්වන ලද ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයේ ගෙවීම් සම්බන්ධ කටයුතුවල දී ඇති වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් දූෂණය නමැති වරද යටතේය.

එහිදී විත්තිකාර හිටපු ඇමති පියංකර ජයරත්න දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ වරද පිළිගැනීමකින් හෝ අල්ලස් කොමිසම පවනන කොන්දේසියක් මත, වන්දි ගෙවීමක් හෝ දඩ ගෙවීමක් මත, කොමිසම නියම කරන වෙනත් කරුණු සම්පූර්ණ කිරීමේත් එකඟතාවයට එකඟ වන බවත්, ඒ හේතුවෙන් එම නඩුව ඉවත්කර ගන්නා ලෙසත් සිය නීතිඥයා මාර්ගයෙන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත.

එහි දී එම වගන්තිය දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන සීමිත කාරණා සම්බන්ධයෙන් පමණක් බලපැවැත්වෙන බව සඳහන් කර ඇති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, විත්තිකරුට එම වගන්තිය යටතේ මෙවැනි ඉල්ලීමක් කිරීමේ හැකියාවක් නොමැති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, එම කරුණු දැක්වීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල පැමිණිල්ලේ සාක්ෂි විමසීමට නියෝග කර ඇති අතර, ලබන මැයි 06 වන දින යළිත් මෙම නඩු කටයුත්ත කැඳවීමටද නියෝග කර ඇත.

උක්ත නඩුවට අමතවර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පිංයකර ජයරත්න හිටපු ඇමතිට එරෙහිව තවත් නඩු 4ක් පවරා ඇති බවද වාර්තා වේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *