අංක තහඩු වෙනස් කළොත් වැඩ වරදී
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ප්‍රමිතිගත අංක තහඩු වෙනස් කර රථවාහන ධාවනය කරන වාහන හිමියන්ට එරෙහිව නෛතික පියවර ගන්නා බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
අංක තහඩු වෙනස් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා එවැනි රියැදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇතැයිද කියා සිටියේය. අලුතින් ලියාපදිංචි කෙරෙන වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන් සිදුනොකරන පසුබිමක ඇතැම් ජාවාරම්කරුවන් නීතිවිරෝධි ක්‍රියා සිදුකරගෙන යාමට මෙය අවස්ථාවක් කරගෙන ඇති බව කී ඒ මහතා, අලුතින් වාහන ලියාපදිංචි කරන මෝටර් රථ හිමියන් විවිධ පැහැයෙන් යුත් අංක තහඩු සවිකර මෝටර් රථ ධාවනය කරන අතර එය නියාමනය කරන ලෙස පොලිස්පතිවරයා මෝටර් රථ කොමසාරිස් ජනරාල් දැනුවත් කර ඇතැයි ද කීවේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

