Latestදේශීය

අංක තහඩු වෙනස් කළොත් වැඩ වරදී

මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව නිකුත් කරන ප්‍රමි­ති­ගත අංක තහඩු වෙනස් කර රථ­වා­හන ධාව­නය කරන වාහන හිමි­යන්ට එරෙ­හිව නෛතික පිය­වර ගන්නා බව රථ­වා­හන පාලන සහ මාර්ග ආර­ක්ෂාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනා­ධීර මහතා පව­සයි.

අංක තහඩු වෙනස් කර ඇති බවට තොර­තුරු ලැබී ඇති බව කී නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා එවැනි රියැ­දු­රන්ට එරෙ­හිව නීතිය දැඩිව ක්‍රියා­ත්මක කරන ලෙස නිල­ධා­රීන්ට උප­දෙස් දී ඇතැ­යිද කියා සිටි­යේය. අලු­තින් ලියා­ප­දිංචි කෙරෙන වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම සම්පූ­ර්ණ­යෙන් සිදු­නො­ක­රන පසු­බි­මක ඇතැම් ජාවා­ර­ම්ක­රු­වන් නීති­වි­රෝධි ක්‍රියා සිදු­ක­ර­ගෙන යාමට මෙය අව­ස්ථා­වක් කර­ගෙන ඇති බව කී ඒ මහතා, අලු­තින් වාහන ලියා­ප­දිංචි කරන මෝටර් රථ හිමි­යන් විවිධ පැහැ­යෙන් යුත් අංක තහඩු සවි­කර මෝටර් රථ ධාව­නය කරන අතර එය නියා­ම­නය කරන ලෙස පොලි­ස්ප­ති­ව­රයා මෝටර් රථ කොම­සා­රිස් ජන­රාල් දැනු­වත් කර ඇතැයි ද කීවේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *