Latestදේශීය

පාස්කු ප්‍රහාරයට වසර 07යි

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රය සිදුව අදට (21) වසර 07ක් සපි­රෙයි. ක්‍රිස්ති­යානි පල්ලි තුනක් සහ කොළඹ සුඛෝ­ප­භෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනි­මින් 2019 වසරේ අප්‍රේල් 21දා සිදු කළ එම ප්‍රහා­ර­යෙන් මිය­ගිය හා වින්දිත භාව­යට පත්වූ­වන් සිහි කර­මින් රට පුරා විශේෂ සැම­රුම් සහ ආග­මික වැඩ­ස­ට­හන් රැසක් අද (21) දිනයේ පැවැත්වේ.

ප්‍රධාන සැම­රුම් උත්ස­වය කොළඹ, කොච්චි­කඩේ දේව­ස්ථා­න­යේදී අග­ර­ද­ගුරු මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ගේ සහ ඇන්ටත් රංජිත් රද­ගුරු හිමි­පා­ණන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්වෙන අතර, තානා­ප­ති­ව­රුන්, ආග­මික නාය­ක­යන් සහ වින්දි­ත­යන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වීමට නිය­මි­තය.

අද දින­යේදී දිව­යින පුරා සිය­ලුම දෙව්මැ­දුරු තුළ පෙ.ව. 8.45ට මළ­වුන්ගේ සීනුව නාද­ක­ර­මින් විනාඩි දෙකක නිශ්ශ­බ්ද­තා­වක් පැවැ­ත්වී­මට නිය­මිත අතර, එය අනු­ග­ම­නය කර­මින් පෙ.ව. 8.47ට ඉටි­ප­න්දම් හෝ පොල්තෙල් පහන් දල්වා වින්දි­ත­යන් සිහි­පත් කෙරේ. ඉන් අන­තු­රුව යාඥා මෙහෙ­යන් පැවැත්වේ.

එමෙන්ම කටු­වා­පි­ටිය දේව­ස්ථා­න­යේදී ද විශේෂ දිව්‍ය පූජා­වන් සහ සැම­රුම් වැඩ­ස­ට­හන් පැවැත්වේ.

මීග­මුව මාරි ස්ටෙලා ක්‍රීඩාං­ග­ණ­යේදී යාඥා පා ගමන ප.ව. 4.00ට ආරම්භ කෙරෙන අතර, එය කටු­වා­පි­ටිය ශාන්ත සෙබ­ස්ති­යන් දෙව්මැ­දුරු පරි­ශ්‍ර­යන් වෙත ගමන් කර අව­සන් කෙරේ.

ප්‍රහා­ර­යෙන් වින්දිත වූ සියලු දෙනාට සාධා­ර­ණය ඉටු වීම සඳ­හාත්, සත්‍යය හෙළි­ද­රව් වීම සඳ­හාත් යාඥා කර­මින් අද දිනය යාඥාවේ සහ නිශ්ශබ්ද සිහි­ව­ටන දින­යක් ලෙස සල­කන ලෙස කොළඹ අග­ර­ද­ගුරු මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පාණෝ කතෝ­ලික ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටිති.

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරු දින ප්‍රහා­ර­යට වසර 7ක් සපි­රෙන මේ අව­ස්ථාවේ මෙම ඝාතන පිටු­පස සිටින සැබෑ පුද්ග­ල­යන් හඳු­නා­ගැ­නී­මට රජය හා ආර­ක්ෂක අංශ විශ්ව­ස­නීය විම­ර්ශ­න­යක් කර­මින් සිටින විට වැරදි මත­වාද පතු­ර­ව­මින් එම විම­ර්ශ­න­ව­ලට බාධා පැමි­ණ­වී­මට ඇතැම් පුද්ග­ල­යන් ප්‍රයන්ත දර­මින් සිටින බව පෙන්වා දෙන අග­ර­ද­ගුරු හිමි­පාණෝ මේ ඛේද­වා­ච­ක­යට පසු­බිම් වූ සැබෑව සොයා ගැනී­මට සමි­ඳු­න්ගෙන් අය­ද­මින් යාඥා කරන ලෙස කිතුනු ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටිති.

2019 දී එල්ල වූ මෙම බිහි­සුණු ප්‍රහාර මාලා­වෙන් කොච්චි­කඩේ ශාන්ත අන්තෝනි දෙව්මැ­දුර, කටු­වා­පි­ටිය සාන්ත සෙබ­ස්ති­යන් දෙව්මැ­දුර සහ මඩ­ක­ල­පුවේ සියෝන් දේව­ස්ථා­නය ඇතුළු ස්ථාන කිහි­ප­යක් දැඩි ලෙස හානි වූ අතර, පුද්ග­ල­යන් 269 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී තවත් පුද්ග­ල­යන් සිය ගණ­නක් තුවාල ලැබූහ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *