Latestදේශීය

පියසේන ගමගේට විදෙස් ගමන් තහනම්

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ හිටපු ඇමති පියසේන ගමගේට විදේශ ගමන් තහනම් කරමින් රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (20) නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු ඇමති පියසේන ගමගේ අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්, 2015 වසරේ මෙම සැකකරු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති වශයෙන් කටයුතු කරමින් සිටියදී නියමිත නීතිමය පටිපාටියෙන් බැහැරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් සුළු සේවකයින්134 දෙනෙකු කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇතැයි පවසා තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ සිය දේශපාලන හිතවාදී පුද්ගලයින් මෙලෙස බඳවාගෙන ඇති බවත්  විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඊට අමතරව විනය හේතු මත ස්ථාන මාරුවීම් ලබා සිටි යාපනයේ තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂ එන්. යෝගරාජාගේ ස්ථාන මාරුව අවලංගු කිරීම සම්බන්ධයෙන් සැකකාර හිටපු ඇමති බලපෑම් සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම ක්‍රියා තුළින් සැකකාර හිටපු ඇමති පියසේන ගමගේ සිය බලය අයුතු ලෙස පරිහරණය කරමින් “දූෂණය” නැමැති වරද සිදුකර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර ඇත.

අල්ලස් කොමිස්මේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර තිබේනනේ මෙම සැකකරු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම සැකකාර හිටපු ඇමති, රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් අවවාද කර ඇත.

ඉන් අනතුරුව පැමිණිල්ල අගෝස්තු මස 21 වනදා යළි කැඳවීමට නියම කෙරුණු අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත් විසින් අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *