Latestවිදේශීය

ඉරාන වරායන් අවහිර කිරීම් දිගටම – ට්‍රම්ප් කියයි

ටෙහෙරානය සමඟ එකඟතාවයකට පැමිණෙන තෙක් ඉරාන වරායන් මත පනවා ඇති අවහිර කිරීම් ඉවත් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. 

යුද්ධය අවසන් කිරීම සඳහා නව සාකච්ඡා පැවැත්වෙන්නේද යන්න පිළිබඳව පවතින අවිනිශ්චිතතාවය මධ්‍යයේ ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය සතියේ ආරම්භ වූ මෙම වරාය අවහිර කිරීම් මගින් ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් පවතින බව ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් පවසා ඇත. 

එමෙන්ම තම රට මෙම ගැටුමෙන් ඉහළින්ම ජයග්‍රහණය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාමය ලබන බදාදායින් අවසන් වීමට නියමිතව තිබියදී ඔහු මෙම අදහස් පළ කර ඇත. 

කෙසේ වෙතත් සාම සාකච්ඡාවල දෙවන වටය පාකිස්තානයේදී පැවැත්වෙන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැත.

මෙම හමුව අපේක්ෂාවෙන් පාකිස්තානයේ අගනුවර ආරක්ෂාව දැඩි කර ඇත. 

අමෙරිකානු නියෝජිත පිරිසට නායකත්වය දීමට නියමිත අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මෙතෙක් වොෂින්ටනයෙන් පිටත්ව ගොස් නොමැති අතර, ඉරානය පවසන්නේ තමන් මෙම සාකච්ඡාවට සහභාගී වන්නේද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *