ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා ද්විත්වයක් ජනපතිට පිළිගන්වයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ “වාර්ෂික ආර්ථික විවරණය 2025” සහ “මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025” වාර්තා ද්විත්වය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් වාර්තා ද්විත්වය මෙලෙස ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන එහි මුඛ්‍ය ප්‍රකාශනය වන 2025 වාර්ෂික ආර්ථික විවරණය මගින් “සාර්ව ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව පවත්වා ගැනීම සහ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිපත්තිමය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තුළින් අනුබල ලබමින් 2025 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වසරවලදී සාක්ෂාත් කරගත් ප්‍රගතිය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත්ව තිබෙන බවත්, වෙළෙඳ සහ භූ දේශපාලනික ප්‍රවණතා ආශ්‍රිත ගෝලීය අවිනිශ්චිතතා ඉහළ යෑම මෙන්ම, 2025 වසර අග භාගයේදී ඇති වූ අයහපත් කාලගුණ තත්ත්ව සහ ව්‍යසනකාරී ස්වභාවික විපත්වල බලපෑම මධ්‍යයේ වුවද දේශීය ආර්ථික ක්‍රියාකාරකම්හි ඔරොත්තු දීමේ හැකියාව පැවතුණු බවත්, සාර්ව ආර්ථික තත්ත්වයන් වර්ධනය වීම සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය වැඩිදියුණු වීම මෙන්ම, ඒ තුළින් වැඩිදියුණු වූ ආයෝජන විශ්වාසය මගින් කම්පනවලට වඩාත් ඵලදායීව මුහුණ දීම සඳහා අවශ්‍ය ස්වාරක්ෂක ගොඩනැංවීමට ආර්ථිකය සතු හැකියාව වැඩිදියුණු කරමින් තිරසාර ආර්ථික වර්ධනයට මග පාදා තිබෙන බවත් පෙන්වා දී තිබේ.
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

