Latestදේශීය

කෙටි කාලයකින් පාස්කු විමර්ශන අවසන් වෙනවා – ආනන්ද විජේපාල

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් (21) ඔහු සඳහන් කළේ, එම විමර්ශන මේ වනවිට යම් සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවය.

එමෙන්ම, ඉදිරියටත් විමර්ශන නිවැරදිව සිදු කිරීම සඳහා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවද ඔහු පැවසීය.

මෙම විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයටද කරුණු වාර්තා කර ඇති අතර, තවත් කෙටි කාලයක් තුළ ඒවා සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල අවධාරණය කරයි.

එසේම, පාස්කු ප්‍රහාරය පමණක් නොව, රට තුළ සිදු වූ සියලුම නීතිවිරෝධී ක්‍රියාකාරකම්, අල්ලස්, දූෂණ, වංචා සහ මූල්‍ය අවභාවිතාවන් සම්බන්ධයෙන්ද විමර්ශන පූර්ණ විනිවිදභාවයෙන් යුතුව, ජනතා විශ්වාසය ආරක්ෂා වන ආකාරයට සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *