Latestදේශීය

සුගීෂ්වරගේ ඉතිහාසය

රත්නපුර දිස්ත්‍රික්කයේ සියළුම මහ නාහිමිවරුන්ගේ අත්සන් බව දක්වමින් කූට ලේඛන සැකසූ සුගීෂ්වර බණ්ඩාර, එම ලිපිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට යොමු කරමින් හොර පත්වීමක් ලබා ගෙන තිබූ බව හෙළි වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ අම්මඩුව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය ලබා ගැනීමට එම කූට ලේඛනය සකසා ඇති අතර, 2010 අප්‍රේල් 09 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබිණි. එම පැමිණිල්ල විභාග කිරීමෙන් පසුව සුගීෂ්වර බණ්ඩාරගේ වැඩිමහල් සහෝදරයා වන සබරගමුව පළාතේ හිටපු ආණ්ඩුකාරයා වන ජානක ප්‍රියන්ත බණ්ඩාරගේ බලතල ද උපයෝගී කර ගෙන තිබූ බව හෙළි විය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුව ජයසිංහ මුදියන්සේලාගේ සුගීෂ්වර ලෙනින් බණ්ඩාර යන සම්පූර්ණ නාමය හිමි මෙම පුද්ගලයා ඔහුගේ පුද්ගලික ලේකම් ලෙසින් පත් කර ගනු ලැබීය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *