Latestදේශීය

ජන රජයට ජන බලයක් – ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුම් 21ක්

ජාතික ජන බලවේගයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා,

මුළු ජාත්‍යන්තරයේම ජනතාව තම අයිතිවාසිකම් දිනා ගැනීම, ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් මුවහත් කරන දිනය මැයි පළමුවැනිදායි. වාමාංශික දේශපාලන පක්ෂ අපේ ඉතිහාසයේ මැයි දිනය ඉහළින්ම සැමරුවා. එයිනුත් 1965 බිහිවූ ජනතා විමුක්ති පෙරමුණ ආකර්ෂණීයම මැයි පෙළපාළි පැවැත්වූවා. මැයි දින පෙළපාළි සහ රැලි පිළිබඳ මගේ මතකය 1978 දක්වා දිව යනවා. එතැන් සිට 2024දී ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය හැටියට ප‍්‍රගතිශීලී කණ්ඩායම් එකතු කර ගෙන ආණ්ඩු බලය පිහිටුවා 2025දී දැවැන් මැයි රැලියක් ගෝල්ෆේස් පිටියේ පැවැත්වූවා. මෙවර උතුර, නැගෙනහිර, දකුණ, බටහිර සියලූ දිශාවන් ආවරණය කරමින් රට පුරා වැඩකරන ජනතාවගේ සහ ප‍්‍රගතිශීලී ජනතාවගේ රැලි 21ක් පවත්වනවා. පොදු ජනතාවගේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා අභ්‍යන්තරව දිත්වා සුළි කුණාටුව සහ බාහිරව මැදපෙරදිග යුද්ධය වැනි අභියෝග අභිබවා ජාත්‍යන්තර විශ්වාසය දිනාගෙන රට ඉදිරියටම මෙහෙයවමින් සිටින අතර, මෙවර මැයි දිනය පවත්වනවා. ආණ්ඩුවක් හැටියටත්, දේශපාලන ව්‍යාපාරයක් හැටියටත් වැඩකරන ජනතාවගේ දිනාගත් අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සටන් නොකරම අයිතිවාසිකම් ලබා දෙන කි‍්‍රයාමාර්ග ඉදිරියට ගෙන යමින් සිටිනවා. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව හාම්පුතුන් සමග සාකච්ඡුා කරමින් සාධාරණ අයිතිවාසිකම් ලබා දෙන්න උපරිම මැදිහත් වීම් සිදුකරනවා.

ශ‍්‍රමිකයන්ගේ සහ අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්වය උසස් කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ඒ වෙනුවෙන් සැලසුම් සහගත කි‍්‍රයාමාර්ග දියත් කරමින් සිටින අතර, විපක්ෂය එදිනෙකා සිදුවීම් අල්ලාගෙන විකෘති කරමින් ඝෝෂා නගනවා. ජනතාවගේ අයිතීන් දිනා දීමට අපි එකාවන්ව වැඩකරමින් සිටිනවා. මේ වන විටත් දිනාගෙන ඇති අයිතිවාසිකම් ආරක්ෂා කර දෙමින් සිටින අතර ආණ්ඩුකරණයේ අභියෝගාත්මක කටයුතුවලට හොඳින් මුහුණ දෙමින් සිටිනවා. රාජ්‍ය සේවයේ මිලියන 1.3ක පිරිස හොඳින් සම්බන්ධීකරණය කරමින් ජනතාවගේ අරමුණු ඉටුකර දීමට කටයුතු කරනවා. මේ වන විටත් විවිධ ජයග‍්‍රහණ රැසක් රටට ලබාදී තිබෙනවා. පසුගිය දිනවල නිකුත් වූ මහ බැංකු වාර්තාවට අනුව අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය ආසියා පැසිෆික් කලාපයේ හොඳම කාර්යාලය බවට සම්මානනීය වී තිබෙනවා. මේ වැඩකොටස තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න ”ජන රජයට ජන බලයක්” තේමාවෙන් මැයි පෙළපාළි රැලි 21ක් රට පුරා පවත්වනවා. මේ මැයි පෙළපාළි සහ රැලි සමග දස දහස් ගණනින් සහභාගී වන ලෙස අපි ජනතාවට ආරාධනා කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු

ප‍්‍රශ්නය:
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට වැඩ කරන ජනතාවගෙන් ලබා දෙන ශක්තිය පිළිබඳව මොනවගේ තක්සේරුවක් ද තිබෙන්නේ.

පිළිතුර:
පසුගිය කාලයේ අපි වැඩකරන ජනතාවගේ ඉල්ලීම් විශාල ප‍්‍රමාණයක් ලබා දී තිබෙනවා වගේම විශේෂයෙන්ම වැටුප් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේත් නැතිව මූලික වැටුප් ඉහළ දැමූ එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. ඒ වගේම අනෙකුත් අයිතිවාසිකම් ලබා දෙමින් සිටින අතර වැඩකරන ජනතාව ප‍්‍රමුඛ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන එක අපේ ආණ්ඩුවේ මූලික වගකීමක් ලෙස සලකා කි‍්‍රයා කරනවා. රටට තිබෙන ශක්ති ප‍්‍රමාණයෙන් ගැටලූ විසඳමින් යනවා. ඒ නිසා වැඩකරන ජනතාව අපේ ආණ්ඩුව කෙරෙහි හොඳ බැඳීමකින් සිටින බවට අපට විශ්වාසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *