රනිල්ට අධිචෝදනා ප්‍රමාද ඇයි? මහේස්ත්‍රාත් විමසයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එංගලන්තයේ වුල්හැම්ප්ටන් සංචාරය සඳහා රාජ්‍ය මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සාක්ෂි පවතින බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) ප්‍රකාශ කර තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් වැඩිදුරටත් කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීම ප්‍රමාද වන්නේ ඇයිදැයි නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවයි.
2023 වසරේදී පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තයේ වුල්හැම්ප්ටන් නගරයට ගිය හිටපු ජනාධිපතිවරයා, ඒ සඳහා රාජ්‍ය මුදල් වැය කළ බවට චෝදනා එල්ල වී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි හජන මුදල් අවභාවත කිරීමට එරෙහි නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස මහේස්ත්‍රාත් විමර්ශන නිලධාරීන්ට නියෝග කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට ප්‍රමාදවීමට හේතු වාර්තා කරන ලෙසද නීතිපතිට නියෝග කර තිබේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

