සංජීව ඝාතනයේ සැකකාර නීතිඥවරිය තවදුරටත් රිමාන්ඩ්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම් කර ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතිඥවරිය ලබන මැයි මස 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා පසුගිය දා (27) නියෝග කළේය. රැඳවුම් නියෝග අවසන් වීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ තමරා කුමාරි අබේරත්න නමැත්තියක් වන අතර සැකකාරිය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පසුගිය 2025 වසරේ ඔක්තෝබර් මස 28 වැනිදා රාත්‍රී කඩවත ප්රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවත්, රඳවා ප්‍රශ්න කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය.
පසුගිය 2025 පෙබරවාරි 19 වන දින නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණයට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ ගණේමුල්ල සංජීව එම අධිකරණ සංකීර්ණයේ අංක 05 අධිකරණයේ විත්තිකූඩුව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකාරියගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු තවත් ප්‍රකාශ ගණනාවක් ලබා ගත් බවත් ඒවාට අදාළව විමර්ශන කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

