Latestදේශීය

37ක කල්ලියක් අත්අඩංගුවට

නීති විරෝධී ජාවාරම්වල නිරත වී සිටි විදේශිකයන් 37 දෙනෙකුගේ කල්ලියක් රැඳී සිටි නිවසක් වටලා වලාන දූෂණ මර්දන වැටලීම් බලකාය විසින් අත්තඩංගුවට ගෙන ඇත.

තලංගම කොස්වත්ත ප්‍රදේශයේ නිවසක නීති විරෝධි කටයුතු යෙදී සිටි මෙම කල්ලිය සතුව ජංගම දුරකතන 147ක්, සිම්පත් 100ක්, ටැබ් පරිගණක 37ක්, ඩෙස්ක්ටොප් පරිගණක 35ක් සහ නීති විරෝධි දුම්වැටි තොගයක් ද අත්තඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පිරිස ලබන 07 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

අන්තර්ජාතික මූල්‍ය අපරාධ සහ හැකර් ප්‍රහාර මෙන් ම, සයිබර් අපරාධවලට හවුල් වූ විදේශිකයන් 320ක් පසුගිය මාර්තු මාසයේ සිට අප්‍රේල් අවසානය දක්වා අත්තඩංගුවට ගෙන ඇති බව පොලිසිය හෙළි කර ඇති නිල දත්ත අනුව තහවුරු වී තිබේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *