Latestදේශීය

වියට්නාම් ජනාධිපති දිවයිනට

ශ්‍රී ලංකා – විය­ට්නාම සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් දෙදින රාජ්‍ය සංචා­ර­­යක් සඳහා විය­ට්නාම ජනා­ධි­පති ටෝ ලාම් මහතා අනිද්දා ( 07 ) ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබ­ඳ­තා­ව­ලට වසර 55ක් සපි­රීම නිමි­ත්තෙන් පසු­ගිය 2025 වසරේ දී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විය­ට්නා­මයේ කළ රාජ්‍ය සංචා­ර­යෙන් පසුව සිදු­කළ ආරා­ධ­න­යට අනුව මෙම සංචා­රය සිදු­වන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

මෙම සංචා­රය අත­ර­තුර, ජනා­ධි­පති ටෝ ලාම් සහ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­ත්ව­රුන් අන්‍යෝන්‍ය වශ­යෙන් උන­න්දු­වක් දක්වන ක්ෂේත්‍ර ගණ­නා­වක් ආව­ර­ණය වන පරිදි ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මි­තයි.

ඊට අම­ත­රව විය­ට්නාම ජනා­ධි­ප­ති­ව­රයා ‘ශ්‍රී ලංකා – විය­ට්නාම් වෙළඳ, ආයෝ­ජන සහ සංචා­රක සංස­දයේ’ සමා­ර­ම්භක උත්ස­වය ඇතුළු ඉහළ මට්ටමේ වැඩ­ස­ට­හන් කිහි­ප­ය­කට ද සහ­භාගි වීමට නිය­මි­තයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *