නීති විරෝධී ගිනි අවි තොගයක් සොයාගනී
කරුවලගස්වැව පිහිටි නිවසක සඟවා තිබූ නීති විරෝධි ගිනි අවි, පතරොම් ඇතුළු නීති විරෝධි භාණ්ඩ රැසක් සොයා ගෙන ඇත.
ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් විසින් එම වැටලීම සිදු කර තිබේ. එහිදී ගිනි අවිවලට අමතරව, දිවියෙකුගේ හමක් අත්තඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ දී හෙළි වී ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අයත් ඉඩමක් බදු පදනමින් කෘෂිකාර්මික කටයුතු සඳහා වෙනත් පුද්ගලයෙකු වෙත ලබා දී තිබූ බව ය.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

