රාජපක්ෂවරුන් සමඟ සම්මුතිය සහ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය මේ වන විට රට තුළ දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවකි. මෙම මරණය සම්බන්ධයෙන් දැනට අනාවරණය වී ඇති තොරතුරු සහ සිද්ධිය සිදුවූ ආකාරය පිළිබඳව විමර්ශන කණ්ඩායම් අවධානය යොමු කර තිබේ. කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් මුලින් වාර්තා වූයේ ඔහු සිය නිවසේ කාමරයක දොරක ගෙල වැලලාගෙන මියගොස් සිටි බවයි. පොලිසිය මුලින් ප්‍රකාශ කළේ ඔහු රෙදි පටියක් ආධාරයෙන් දොරක එල්ලී සිටි බව වුවත් පසුව ඒ පිළිබඳව පරස්පර අදහස් මතු විය.
පසුව අනාවරණය වූ තොරතුරුවලට අනුව ඔහුගේ සිරුර හමුවන අවස්ථාවේ එය සම්පූර්ණයෙන්ම එල්ලෙමින් තිබී නැත. සිරුරේ උඩු කොටස කුෂන් පුටුවකට හේත්තු වී තිබූ අතර යට කොටස බිම ස්පර්ශ වෙමින් තිබූ බව වාර්තා වේ. ඔහුගේ ගෙලෙහි කොළ පැහැති රෙදි පටියක් තිබූ බවත් එහි අනෙක් කෙළවර නාන කාමරයේ දොරක ගැටගසා තිබූ බවත් සඳහන් වේ. අධිකරණය විසින් ඔහුව නැවත අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබූ පසුබිමක ඔහුගේ නීතිඥ කණ්ඩායම එනම් ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකුලරත්න මහතා ඇතුළු පිරිස මේ සම්බන්ධයෙන් සාකච්ඡුාවක් පවත්වා ඇත. එම සාකච්ඡාවට අනුව මරණය සිදුවූ දින පෙරවරුවේ මෝසමක් මගින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිඥවරුන් සූදානමින් සිට ඇත.
කපිල චන්ද්‍රසේන මියයන අවස්ථාවේ රැඳී සිට ඇත්තේ ඔහුගේ පෞද්ගලික නිවසේ නොව ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ බව තොරතුරු අනාවරණය වු බව ප්‍රචාරය විය. මොවුන් දෙදෙනා අතර ඥාති සබඳතාවයක් පවතින බවද වාර්තා විය. නීතිඥවරයෙකු එදින උදෑසන ඔහුව කැඳවාගෙන යාමට පැමිණි අවස්ථාවේ කාමරයෙන් ප්‍රතිචාරයක් නොලැබීම නිසා දොර විවෘත කර බැලීමේදී මෙම මරණය අනාවරණය වී ඇත. නීතිඥවරයා නිවසට පැමිණි අවස්ථාවේ කාමරයේ දොර විවෘත කර බැලූ විට දක්නට ලැබුණු දේ පිළිබඳව සාක්ෂි කිහිපයක් පවතී. එහිදී හෙළි වූයේ කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර බිම වැටී තිබූ බවයි. ඔහුගේ සිරුරේ උඩු කොටස කුෂන් පුටුවකට හේත්තු වී තිබූ අතර යට කොටස බිම ස්පර්ශ වෙමින් තිබී ඇත. ඔහුගේ බෙල්ලේ කොළ පැහැති රෙදි පටියක් තිබූ අතර එහි අනෙක් කෙළවර යාබද නාන කාමරයේ දොරේ ගැටගසා තිබූ බවත් සඳහන් වේ. පොලිසිය පවසන දොරේ එල්ලී සිටි කතාව සහ ඇසින් දුටුවන් පවසන මෙම තොරතුරු අතර යම් පරස්පරතාවයක් පවතින බව මෙහිදී පෙනී යයි.
මෙම මරණය අභිරහස් සහ සැකකටයුතු එකක් බැවින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා ඇත. ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් විශේෂ නියෝග කිහිපයක් නිකුත් කරන ලදී. මරණයට හේතුව නිශ්චිතවම දැනගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට නියෝග කළේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මගින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසයි. තවද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව අවසන් කටයුතු සඳහා දේහය කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ සහෝදරිය වෙත භාරදීමට තීරණය විය. මෙම පරීක්ෂණ හරහා මරණය සියදිවි නසාගැනීමක්ද ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න තහවුරු කරගැනීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.
මහේස්ත්‍රාත් නියෝගය ප්‍රකාරව විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මැයි මස 12 වන අඟහරුවාදා දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එම වාර්තාව ප්‍රසිද්ධ කිරීමට පෙර මරණය ඇසින් දුටු පුද්ගලයන්ගෙන් සාක්ෂි විමසීමක් කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවැත්වීමට නියමිතය. පොලිසිය පවසන තොරතුරු සහ නිවසේ සිටි අය පවසන කරුණු අතර පවතින පරස්පරතා නිරාකරණය කරගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඇසින් දුටු සාක්ෂි මත පදනම්ව මෙය සියදිවි නසාගැනීමක්ද, ඝාතනයක්ද නැතහොත් අභිරහස් මරණයක්ද යන්න පිළිබඳ පැහැදිලි නිගමනයකට එළඹීමට හැකිවනු ඇත.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය වාර්තා වන අතරතුර දුෂිත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වි ඇත. මෙම ගනුදෙනුව හරහා ලැබුණු බව කියන ඩොලර් මිලියන දෙකක අල්ලස් මුදලින් කොටසක් මහින්ද රාජපක්ෂට ලබා දුන් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි. මේ අතර හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයක් ලබා දීමට කොමිසමට පැමිණෙන විට කොළඹ නගරය වටලා විරෝධය දැක්වීමට ජනතාව සූදානම් වන බවට පොහොට්ටුව පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කරන බවත් එය ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද මතවාදයක් බවත් අප සඳහන් කල යුතුය.
කපිල චන්ද්‍රසේන යනු ඉහළ අධ්‍යාපනයක් ලබා රටේ පිළිගත් ප්‍රධාන තනතුරු දැරූ සහ යහපත් පවුල් පසුබිමක් සහිතව සිටි පුද්ගලයෙකි. ඔහු වැනි පුද්ගලයන් දුෂිත දේශපාලන කඳවුරු සහ මහා හොරුන් සමඟ සම්බන්ධ වීමෙන් අවසානයේ තමන්ගේ ජීවිතය පවා විනාශ කරගත් ආකාරය මෙම සිදු වීමෙන් පෙනේ. ඔහු එයාර් බස් ගනුදෙනුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ නොදැනුවත්කමකින් හෝ මෝඩකමකින් විය නොහැකි අතර මෙම දුෂිත ක්‍රියාවලියට ඔහු සෘජුවම දායක වූ බවත් මෙහිදී සඳහන් කල යුතුය. මෙම මරණයත් සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයන් මුහුණ දී සිටින අතිශය අවාසනාවන්ත තත්ත්වය පිළිබඳවද අප සැලකිල්ලට ගත යුතුය. කපිලගේ බිරිඳට තම ස්වාමිපුරුෂයාගේ දේහය දැකබලා ගැනීමට පවා ලංකාවට පැමිණීමට නොහැකි වී ඇති අතර ඇයට මෘත දේහය දැකගැනීමට සිදුව ඇත්තේ වීඩියෝ දර්ශන මගින් පමණි. දුෂිත දේශපාලනයට සම්බන්ධ වීම නිසා පුද්ගලයෙකු කෙතරම් අසරණ වනවාද යන්නට මෙය කදිම උදාහරණයකි.
රාජපක්ෂවරුන් සමඟ එක්ව දුෂණවලට හවුල් වූ බොහෝ නිලධාරීන් අද වන විට හිරබත් කමින් සිටින අතර ඇතැමුන් ජීවිතයෙන් පවා වන්දි ගෙවා ඇති බව පෙනී යයි. දුෂිත දේශපාලනඥයන් සමඟ අත්වැල් බැඳගැනීම වහ කෑවා වැනි භයානක වැඩක් බව මෙහිදි කිව යුතුය. කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ සැබෑ තොරතුරු සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබන අඟහරුවාදා එනම් මැයි 12 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සියල්ල අනාවරණය වනු ඇත. එතෙක් බාහිරින් පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් දුෂිත දේශපාලන බලවේග පිළිබඳව ජනතාව වඩාත් කල්පනාකාරී විය යුතු බවත් අප විසින් ඔබ සියළු දෙනාට මතක් කර සිටිමු.
@Cyber News.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

