Latestදේශීය

කපිලගේ ඇපකරුවන් ගෙනා සැකකරුවන් අතර අරවින්දගේ මෙහෙකරු

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තබන පුද්ගලයින් දෙදෙනෙක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල ලබා දුන් පුද්ගලයෙකු හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද නියෝග කර තිබේ.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ කෙසෙල්වත්ත පොලිසිය මගිනි.

සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු අරවින්ද සිල්වා මහතාගේ නිවසේ මෙහෙකරු බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *