Latestවිදේශීය

වෙනිසියුලාව අමෙරිකාවේ 51වන ප්‍රාන්තය ද? ට්‍රම්ප් කියන්නේ කුමක් ද?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ‘Truth Social’ ගිණුමේ සිතියමක් පළ කර ඇත.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාව අමෙරිකානු ධජය සහිතව “51 වන ප්‍රාන්තය” ලෙස දැක්වෙන සිතියමක් පළ කර ඇත.

චීනය බලා යන අතරතුර ජනාධිපතිවරයා පළ කළ මෙම මතභේදාත්මක ප්‍රකාශය පිළිබඳව මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

දිනකට පෙර වෙනිසුවේලාවේ අන්තර්වාර ජනාධිපතිනිය වන ඩෙල්සි රොඩ්‍රිගස් තම රට අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත්වීම “කිසිදු අවස්ථාවක සලකා නොබැලූ” බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය කර ඇත.

කෙසේ වෙතත් Fox News සමඟ අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කළේ, තෙල් සම්පත් වලින් පොහොසත් වෙනිසුවේලාව, අමෙරිකාවේ නව ප්‍රාන්තයක් බවට පත් කිරීම “සලකා බලමින් සිටින” බවයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *