චීන රුසියා මිත්‍රත්වය කිසිදාටත් වඩා ශක්තිමත් – චීන ජනපති කියයි
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ දෙදින චීන සංචාරයේදී දෙරට අතර මිත්‍රත්වය ඉහළ නැංවීමට සහ වඩාත් සාධාරණ ජාත්‍යන්තර පිළිවෙතක් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින් එකඟ වූ බව ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේය. දෙරටේ රාජ්‍ය නායකයන්ගේ හමුව ද්විපාර්ශ්වික සබඳතාවල නව අදියරක් සනිටුහන් කළ බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ව්ලැදිමිර් පුටින්ගේ මෙවර සංචාරය ඔහුගේ 25 වැනි චීන සංචාරය බවත්, රාජ්‍ය නායකයන්ගේ සාකච්ඡාවලින් පසු පැවති පෞද්ගලික තේ පැන් සංග්‍රහය පුටින්ගේ සහ ෂී ජින්පින්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීමට ඉවහල් වූ බවද ෂිංහුවා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
යුද අර්බුද සහ ආර්ථික අර්බුද ව්‍යාප්ත වී ඇති ජාත්‍යන්තරයේ වත්මන් තත්ත්වය තුළ චීනය සහ රුසියාව අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය සහ ජයග්‍රාහී සහයෝගිතාව මත පදනම් වූ නව යුගයක් කරා එළැඹෙනු ඇතැයි චීන ජනාධිපතිවරයා විශ්වාසය පළ කර තිබේ. රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර දෙරට අතර සහයෝගිතා ගිවිසුම් රැසකට අත්සන් තැබූ බවත්, වෙළෙඳාම, ආයෝජන, බලශක්තිය, විද්‍යාව සහ තාක්ෂණය සමඟ චීන සහ රුසියානු ජනතාව අතර සහයෝගිතාව වැඩිදියුණු කළ හැකි තවත් ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධව දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුවූ බවත් ෂිංහුවා පුවත් සේවය සඳහන් කළේය. පුටින් සමඟ ඇති කරගත් මේ එකඟතාව මත දෙරට අතර සබඳතා පෙර නොවූ විරූ අයුරින් ශක්තිමත් වී ඇති අතර, පුළුල් උපායමාර්ගික ප්‍රවේශයක් කරා ළඟා වී ඇතැයි චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

