Latestදේශීය

විමල්ගේ මිලියන 75 මූළ්‍ය වංචා නඩුව විභාගයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංස පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇමත ධුරයක් හොබවමින් සිටියදී රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුව ඊයේ (21) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබේ.

ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන මස 08 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු නියෝග කර ඇත.

පසුගිය 2010 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලසීමාව තුළ සිය නිත්‍යානුකූල උපයාගත හැකි ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින්, හිටපු ඇමති විමල් වීරවංශට විරුද්ධව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *