ආර්ථික අර්බුදය වැඩිවීමට පෙර වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න – සජිත් ප්‍රේමදාස
රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර කඩිනම් ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා ඇත.
රුපියල වේගවත්ව අවප්‍රමාණය වීම, ජීවන වියදම ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම යන කරුනු පක්ෂ දේශපාලනයකින් තොරව අවදානයට ලක්කළ යුතු ගැටලු බව ඔහු වැඩිදුරටත් මෙහි සඳහන් කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

