Latestදේශීය

බන්ධනාගාරයට ගියේ පිල්ලෙයාන්ගේ සුවදුක් බලන්න

පාස්කු ප්‍රහාරයට පෙර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටියදී, ඔහුගේ සුවදුක් බැලීම සඳහා තමා ගිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටි සමයේ තමන් ඔහුව බැලීමට ගිය බව රහසක් නොවන බවත්, ඒ පිළිබඳ ඕනෑම අවස්ථාවක බන්ධනාගාර වාර්තා මඟින් තහවුරු කරගත හැකි බවත් පෙන්වාදෙන ඒ මහතා එම වකවානුව වන විට, ඔහු 2015 ජනාධිපතිවරණයට මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයට ද තරග කරමින් තම සන්ධානයේ පාර්ශ්වකරුවකුව සිටි බව ද සිහිපත් කරයි. X පණිවිඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරයි. තමා බන්ධනාගාරයේදී පිල්ලෙයාන් හමුවූ බව තහවුරු කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රංශය දක්වා ගමන් කර ඇති බවද සඳහන් කරයි.

සිය X පණිවුඩය මඟින් වැඩිදුරටත් නාමල් රාජපක්ෂ මහතා මෙසේද අදහස් දක්වා ඇත.

“2018/19 කාලසීමාවේදී ටී.එම්.වී.පී. (TMVP) පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටි සමයේ මා ඔහුව බැලීමට ගිය බව රහසක් නොවේ. ඇත්ත වශයෙන්ම, මාගේ එම පැමිණීම් පිළිබඳ බන්ධනාගාර වාර්තා අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාගත හැකිව පවතී. එම වකවානුව වන විට, ඔහු 2015 ජනාධිපතිවරණයට මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයට ද තරග කරමින් අපගේ සන්ධානයේ පාර්ශ්වකරුවකුව සිටියා. දැනගන්නට ලැබී ඇති පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ප්‍රංශය දක්වාම ගමන් කොට ඇත.” යනුවෙනි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *