Latestදේශීය

එක්සත් ජාතික පක්ෂය මලයගම් ජනතාවට කළ පාපය සමාව දිය හැකි එකක් නෙමෙයි – බිමල් රත්නායක

වත්මන් ආණ්ඩුව යටතේ වතුකරයේ මලයගම් ජනතාවගේ අයිතීන් ලබාදීමට කටයුතු කරන බව සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය දා (21) පැවසීය.

සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

සෙල්වි මන්ත්‍රීවරිය කතා කරනකොට මාමන්නන් චිත්‍රපටිය මගේ හිතට ආවා. ඉතාම දුෂ්කරව ඉගෙන ගත් ලීලා නමැති දැරියක් පාර්ලිමේන්තුවට ගොස් ඇගේ වතු ප්‍රජාවට යහපතක් කරන්න ඇය කටයුතු කරනවා. වතු පාලකයාගෙන් පමණක් නොව දේශපාලකයන්ගෙනුත් මේ මලයගම් ජනතාව පීඩාවට පත්වෙනවා. මලයගම් ජනතාවගේ සංවර්ධනය බාල කිරීම සඳහා පාපකාරී පනතට ඡන්දය දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය. ප්‍රධාන දෙමළ පක්ෂවල නායකයනුත් සිටිනවා. රාධක්‍රිෂ්නන් මහතාට ඒ දේ මම දෙන්නම්. ඒ කාරණා සරල නැහැ. ඒවා සොයන්න ඕන. බ්‍රිතාන්‍ය පාලකයන් තේ, රබර් විශාල ලෙස වර්ධනය කළා. මැඩ්‍රාස්වල සිටි කුලයෙන් පහළම අය ලංකාවට එව්වා. එයාලා කුලයේ පීඩාවට මෙන්ම වතු පාලකයාගේත් පීඩාවට පත් වුණා. ඒ අයට ගෙවල් ඉඩම් දෙන්න ඕන. මලයගම් පාසල්වලට ඉගෙන ගත් ගුරුවරුන් දෙන්නේ කොහොමද?. සුදුසුකම් අඩු කරලා ගුරුවරුන් ගන්න පසුගිය කාලයේදී උත්සාහ කර තිබුණා. එතකොට වෙන්නෙ මොකද්ද? අඩු සුදුසුකම් තිබෙන ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන බිහිවෙන අය ගැන කිව හැක්කේ කුමක්ද? 1948 කළ පාපය කිසිදා සමාව දිය යුතු හැකි එකක් නෙවෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *