Latestකවිදේශීයනවතම ලිපි

රණවරා කහට තැවරුනා ළමා සාරියේ

(අශෝක හඳගම)

මල් පහන් දුම් ගිලන්පස අරන්

බඩගින්නේ උඩමළුව වෙත ගියේ

ශිෂ්‍යත්ව කඩඉමෙන් එතෙර වන්නට පතා

ඇත්තමයි බුදු සමිඳු වැඳ පුදා ගන්නටයි

සංසාර දුක බෝවෙනා ගොම්මනේ

පාළුව කැරළි ගැහුවා පන්සලේ

තුන් හිතකවත් තිබුණේ නෑ මගේ

පින්සාර රුව රැකං හිටියා කළුවරේ

රණවරා කහට තැවරුනා ළමා සාරියේ

මන්ද්‍රි බිසව් සිටියේ ගල් ගැසී බිත්තියේ

සුදු නෙළුම තැලී පොඩි වී යන දිහා

හඳුන් කූරු දුම අස්සෙන් බලාගෙන

වයසක බමුණා ක්‍රිෂ්ණාජිනා කැන්දා ගිය

පෙර රුදුරු මතකය දරාගෙන


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *