Latestදේශීය

පලාත් සභා හැකි ඉක්මනින් පවත්වනවා – නලින්ද ජයතිස්ස

ජනතා පරමාධිපත්‍ය සුරකිමින් පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමට රජය කටයුතුකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අද(26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. මුදල් වෙන් නොකළද පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීමෙන් වුවද ඡන්දය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


නමුත් ඒ් සඳහා පවතින නීතිමය ප්‍රතිපාදනවල ගැටලු ඇති බවත් එම ගැටලු මේ වන විට නිරාකරණය කරමින් පවතින බවත් අමාත්‍යවරයා කීය.මේ සම්බන්ධව පාර්ලිමේන්තු කාරක සභාවේ සාකච්ඡා වෙමින් පවතින බවත් අදාළ නීතිමය ප්‍රතිපාදන ලැබුණු වහාම මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *