Latestදේශීය

මසක් තුළ දේශබන්දුට අධිචෝදනා ගොනු කරනවා

අරගලය පැවති 2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ අරගල භූමයට කඩා වැදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපති ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ, දාළ සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව, නීතිපති විසින් ඉදිරිපත් කළ ඇපෑලක් කැඳවූ අවස්ථාවේදීය.

ඒ.එච්.එම්.ඩී නවාස්, අචල සෙංගප්පුලි සහ සම්පත් විජේරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණයට දැනුම් දී ඇත්තේ වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

දේශඛන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ, තම සේවාදායකයාට විරුද්ධව අධිචෝදනා ගොනු කරන්නේ නම් මෙම නඩුකර පවත්වාගෙන යාම පල රහිත බවය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි සැප්තැම්බර් මස 02 වැනිදා කැඳවීමට නියෝග කර ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *