ඉහළ කොත්මලේ වාන් දොරටු 03ක් විවෘතයි
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.
පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පැවතුණහොත් සෙසු වාන් දොරටු ද ස්වයංක්රීයව විවෘත විය හැකි බව ජලාශභාර ඉංජිනේරුවෝ පවසති.
මේ හේතුවෙන් කොත්මලාඔය දෙපස පහත් බිම්වල පදිංචි ජනතාවට දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස උපදෙස් ලබාදී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

