රිය අනතුරක් සිදුකර 06 ඝාතනය කළ කැබ් රථ රියදුරු අත්අඩංගුවට
හයිලෙවල් පාර මීගොඩ මංසන්ධිය ආසන්නයේදී දන්සැලක පෝලිමක සිටියදී රිය අනතුරක් සිදුකර කාන්තාවන් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියේ සැකකරු අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (01) නියෝග කළාය.
මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ පිළියන්දල ප්‍රදේශයෙ පදිංචිකරුවකු වන 42 හැවිරිදි ප්‍රදීප් කුමාර නොහොත් ගරාජ් කුමාර නමැති අයෙකි.
මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම ආදී චෝදනා 10 ක් යටතේ මීගොඩ පොලිසිය විසින් සැකකරු අධිකරනයට ඉදිරිපත් කරන ලදී.
අනතුර සිදුකල අවස්ථාවේදී කැබ් රථයේ තවක් පුද්ගලයින් දෙදෙනෙකු සිටි බවට කරුණු අනාවරණය වූ බව මෙහිදී පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
එම සැකකරුවන් දෙදෙනාද අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

