විමල්ගේ මාධ්‍ය ලේකම් අත්අඩංගුවට
රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් ඇමති ලෙස කටයුතු කළ විමල් වීරවන්සගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ප්‍රසාද් මංජු නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් පවසයි.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමති මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරමින් ඔහුට හිමි වාහන, ඉන්ධන දීමනා ලබා ගමින් ඊට අමතරව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කාර්යයන් සඳහා කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන නීතිවිරෝධී ලෙස මාධ්‍ය කටයුතු සඳහා පරිහරණය කරමින් රුපියල් දාහත් ලක්ෂ හතලිස් හයදහසක (රු. 1,746,000) මුදලක් රජයට පාඩුකිරීම සම්බන්ධයෙනි.
ඊට අදාළ කරුණු මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වීම මත මෙම හිටපු මාධ්‍ය ලේකම් කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අමෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ 02 මැලේවීදියේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු සාවද්‍ය පරිහරණය හා පොදු දේපළ පනතට ගැනෙන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

