Latestදේශීය

ජලාශවල ජල ධාරිතාව 63% දක්වා ඉහළට

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73ක ගබඩා කරගත හැකි ජල ධාරිතාවෙන් සියයට 63 ක ප්‍රමාණයක ජලය රැස්කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව යල කන්නට අවශ්‍ය ජලය නිසි පරිදි ලබා දීමේ හැකියාව පවතින බව සදහන් කෙරේ.

අම්පාර 41%, අනුරාධපුරය 81%, බදුල්ල 74%, මාතලේ 49%, බදුල්ල 74%, ගාල්ල 72%, මහනුවර 93%, කුරුණෑගල 86%, මොනරාගල 76%, පොළොන්නරුව 71%, පුත්තලම 93%, ත්‍රිකුණාමල 68%, මන්නාරම 76% යනාදී වශයෙන් ප්‍රධාන ජලාශවල ජල ධාරිතා පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *