Latestදේශීය

ශෂී වීරවංසට වසර දෙකක සිරදඬුවම්

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිර දඬුවම හා දඩයට එරෙහිව හිටපු ඇමති විමල් වීරවන්සගේ බිරිඳ ශෂී වීරවන්ස විසින් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කර තිබේ.

එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කර ඇත්තේ, අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථීර කරන බවයි.

අදාළ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට ඉකුත් 2022 වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබිණි.

එම දඬුවම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා, ඇය විසින් ඉහත අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ඇප මන සිටි ඇයට වසර දෙකක සිර දඬුවම් නියම භුක්ති විඳීමට සිදු වේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *