අදයි දවස – රාජ්‍ය අපරාධකාරීත්වය බොරුද?
රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට දිගු ඉතිහාසයක් පවතී. ඒ නිසාම “අපරාධ” නැමති විශේෂණ පදය අප රාජ්‍යය ඉදිරියෙන් ලියැවෙයි.
රාජ්‍ය අපරාධකාරීත්වයේ වින්දිතයන් වූ කණ්ඩායමක් රාජ්‍ය බලය හොබවන විට මකරා මරා මකරා වීම නැමති “මකරාක්ෂයා” අප ඉදිරියේ විද්‍යාමාන වෙයි.
රාජ්‍යයට ආයුධ අතට ගන්න පුලුවන් නම් ඇයි ජනතාවට ආයුධ අතට ගන්න බැරි කියා විමසු එවකට විප්ලවවාදී දේශපාලන ක්‍රියාධරයින් අද අමාත්‍ය ධූර හොබවයි.
ආයුධ අතට නොගත් සමාජ ක්‍රියාකාරීන් දිගින් දිගටම අත්අඩංගුවට පත්වෙයි. හිංසනයට පමුණුවයි. දෘෂ්ටිවාදී බලඅධිකාරිත්වයක යකඩ සපත්තුවට යටකරනු ලබයි.
අපරාධකාරීත්වයේ දිගු ඉතිහාසය සහ මෑත කාලීනව දීපචෙල්වන්ගේ සිද්ධියේ සිට ජීවන්ත පීරිස් පියතුමා කුරුසපත් කිරීමට යත්න දැරීම දක්වා සහ ඉන් ඉදිරියටත් ඇදෙන අපරාධකාරීත්වය හුදු අහම්බයන් ද? නොඑසේනම් ගැඹුරින් කතිකාවට බදුන් කළ යුතු යමක් එම සිදුවීම් පෙළ යටින් දිවයනු ලබයි ද?
“සවිචාර සංවාද” අද (14) රාත්‍රි 7.30ට මෙම කතිකාව විවෘත අවකාශයට රැගෙන එයි.
යුක්තිය පිණිස සත්‍යය සොයායන සියල්ලන්ටම ඒ සඳහා ඇරයුම් කරයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

