අමෙරිකාව සහ ඉරානය ගිවිසුම් ගත වීමට තීරණය කරයි
යුද ගැටුම් අවසන් කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තැබූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙපාර්ශ්වය අතර ගිවිසුමට අද (15) අත්සන් තැබීමට නියමිතව බව ප්‍රකාශ කළද, ගිවිසුමට අත්සන් තැබීම තව දින කිහිපයක් පමණ සිදුවනු ඇතැයි ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. කෙසේ වුවත් ඊයේ රාත්‍රිය වනතුරු ගිවිසුම සම්බන්ධව අවසන් තීන්දුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවූ බව ද වාර්තා වේ.
අමෙරිකාව සමඟ ඇතිකරගැනීමට නියමිත ගිවිසුම සම්බන්ධව මෙතෙක් අවසන් තීන්දුවකට පැමිණ නැතැයි ඉරාන මාධ්‍ය තහවුරු කර ඇති අතර, ගිවිසුම සම්බන්ධ කටයුතු අවසන් කිරීමට ඉරාන රජයට සහය වීම සඳහා කටාර් රාජ්‍යයේ නියෝජිතයන් පිරිසක් ඊයේ වන විට ඉරානයට ගොස් සිටි බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
කෙසේ වෙතත් පෙරේදා ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ නිවේදනයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, ගිවිසුම අත්සන් තැබීමත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත වන බවය. ඉරානය සතු න්‍යෂ්ටික වැඩසටහන සඳහා භාවිත කරන යුරේනියම් සහ අනෙකුත් උපකරණ අමෙරිකාව සතුවනු ඇතැයි ද ට්‍රම්ප් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

