Latestවිදේශීය

අමෙරිකාව සහ ඉරානය ගිවිසුම් ගත වීමට තීරණය කරයි

යුද ගැටුම් අව­සන් කර­මින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා අමෙ­රි­කාව සහ ඉරා­නය ගිවි­සු­ම්ගත වීමට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තැබූ අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙපා­ර්ශ්වය අතර ගිවි­සු­මට අද (15) අත්සන් තැබී­මට නිය­මි­තව බව ප්‍රකාශ කළද, ගිවි­සු­මට අත්සන් තැබීම තව දින කිහි­ප­යක් පමණ සිදු­වනු ඇතැයි ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. කෙසේ වුවත් ඊයේ රාත්‍රිය වන­තුරු ගිවි­සුම සම්බ­න්ධව අව­සන් තීන්දු­වක් නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට පත් නොවූ බව ද වාර්තා වේ.

අමෙ­රි­කාව සමඟ ඇති­ක­ර­ගැ­නී­මට නිය­මිත ගිවි­සුම සම්බ­න්ධව මෙතෙක් අව­සන් තීන්දු­ව­කට පැමිණ නැතැයි ඉරාන මාධ්‍ය තහ­වුරු කර ඇති අතර, ගිවි­සුම සම්බන්ධ කට­යුතු අව­සන් කිරී­මට ඉරාන රජ­යට සහය වීම සඳහා කටාර් රාජ්‍යයේ නියෝ­ජි­ත­යන් පිරි­සක් ඊයේ වන විට ඉරා­න­යට ගොස් සිටි බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

කෙසේ වෙතත් පෙරේදා ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳ­හන් කර ඇත්තේ, ගිවි­සුම අත්සන් තැබී­මත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූ­ර්ණ­යෙන්ම විවෘත වන බවය. ඉරා­නය සතු න්‍යෂ්ටික වැඩ­ස­ට­හන සඳහා භාවිත කරන යුරේ­නි­යම් සහ අනෙ­කුත් උප­ක­රණ අමෙ­රි­කාව සතු­වනු ඇතැයි ද ට්‍රම්ප් සිය නිවේ­ද­නයේ සඳ­හන් කර තිබේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *