Latestදේශීය

සුරේෂ් සලේ, උදය ගම්මන්පිල සහ ද‍යාසිරි ජයසේකර

සුරේෂ් සලේගේ නීතිඥයා ලෙසින් පෙනී සිටි උදය ගම්මන්පිලගේ ස්ථානය පැහැර ගැනීමට නීතිඥ දයාසිරි ජයසේකර ඉදිරිපත් වී සිටී.

සුරේෂ් සලේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ජාතික බුද්ධි තොරතුරු ප්‍රධානියා ලෙසින් සිටි සුරේෂ් සලේගේ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකතනය ඔහුගේ පෞද්ගලික සන්තකයේ තබා ගැනීමේ අයිතියක් ඇති බවට ය. මේ වනවිට පවත්වා ගෙන යන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලදී අදාළ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකතනය ප්‍රබල සාධකයක් වී ඇත. එසේ තිබියදී දයාසිරි ජයසේකර ප්‍රකාශ කර තිබෙන්නේ ඒවා පෞද්ගලික උපකරණ බවත්, එම උපකරණවලට ප්‍රවේශය ඉල්ලා මානසික පීඩාවකට පත් කළ නොහැකි බවත් ය.

නීතිඥවරයෙකු ද වන දයාසිරි ජයසේකර මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීම දැඩි ලෙස හෙළා දකින විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බුද්ධි තොරතුරු රාජ්‍යයට අයත් වනවා මිස විශ්‍රාමික නිලධාරියෙකුගේ පෞද්ගලික භාරයක් නොවන බව ය. දයාසිරි ජයසේකර රනිල් මෛත්‍රී ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසින් සිට 2018 ඔක්තෝබර්වල දී දියත් කළ දින 52 කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ දී රාජපක්ෂ පවුල සමඟ නැවත එක් විය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *