Latestදේශීය

රටින් ඩොලර් පිටකරන මහා ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා රුපි­යල අව­ප්‍ර­මා­ණය කර­මින් රට තුළ ඇති අමෙ­රි­කානු ‌‌ඩොලර් රටින් පිට­ක­ර­මින් මෙරට ආර්ථි­ක­යට දැඩි බල­පෑ­මක් කරනු ලබන සංවි­ධා­නා­ත්මක ජාවා­ර­මක තොර­තුරු අනා­ව­ර­ණය කර­ගත් මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය විසින් එම ජාවා­ර­මට සම්බන්ධ මහ මොළ­ක­රු­වෙක් පෙරේදා (20) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

2023 වසරේ ජන­වාරි මාසයේ සිට මේ දක්වා ඔහු විසින් පම­ණක් අමෙ­රි­කානු ‌ඩොලර් මිලි­යන 800ක් රටින් පිට­කර ඇති බව මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය විසින් කළ විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ.

මේ ආකා­ර­යට රටින් අමෙ­රි­කානු ‌ඩොලර් පිට­ක­රන ජාවා­රම මෙහෙ­ය­වන තවත් 07 දෙනෙක් හඳු­නා­ගෙන ඇති අතර, ඔවුන් අතර මෙරට ප්‍රසිද්ධ ඇඟ­ලුම් සාප්පු හිමි­ක­රු­වෙක්, රන් භාණ්ඩ අලෙ­වි­සල් හිමි­ක­රු­වෙක්, ආන­යන අප­න­යන ව්‍යාපා­ර­යට සම්බන්ධ තොග වෙ‍ෙළ­න්දෙක් ද සිටින බව මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨාස ආරංචමාර්ග සඳ­හන් කළේය.

මෙර­ටට භාණ්ඩ ආන­ය­නය කරන මුවා­වෙන් මෙම ජාවා­රම සිදු කරන බවත් මොවුන්ගේ මෙම ක්‍රියා­වට දූෂිත බැංකු නිල­ධා­රීන් ඇතුළු පිරි­ස­කගේ ද සහය ලැබී ඇති බවත් පෙනී ගොස් ඇත. ඉදි­රියේ දී ඒ අය සම්බ­න්ධ­යෙන් ද නීතිය ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තය.

මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ගේ මුදල් ද රටින් පිට­ක­රනු ලබන්නේ මෙම කණ්ඩා­යම වන අතර ‘වෙ‍ෙළ­ඳාම මත මුදල් විශු­ද්ධි­ක­ර­ණය කිරීමේ ජාවා­රම’ මෙම­ඟින් සිදු කරන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් කීය.

අත්අ­ඩං­ගු­ව­ට ­ගත් සැක­කරු කළු සල්ලි ද රටින් පිට­ක­ර­මින් සුදු කරන අයෙක් බවත් ඔහු ඇතුළු මෙම ජාවා­ර­මට සම්බන්ධ පුද්ග­ල­යන් ගැන විම­ර්ශන ආරම්භ කරනු ලැබුවේ ඉකුත් වසරේ නොවැ­ම්බර් මාසයේදී බවත් එම උසස් නිල­ධා­රියා පැව­සීය.

සමා­ගම් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුවේ තොර­තුරු ද පරි­ක්ෂා­වට ලක්ක­ර­මින් දීර්ඝ විම­ර්ශ­න­යක් මේ සඳහා කළ යුතුව තිබුණු බවත් ඒ අනුව ජාවා­රම සම්බ­න්ධ­යෙන් බොහෝ තොර­තුරු සාක්ෂි සහි­තව අනා­ව­ර­ණය කර ගැනී­මට හැකිවූ බවත් එම උසස් පොලිස් නිල­ධා­රියා කීය.

ජෙෆ්රි මොහො­මඩ් නමැති මෙම පුද්ග­ලයා කොළඹ කොටුව ප්‍රදේ­ශයේ නාමි­කව පව­ත්වා­ගෙන යන ‘ඒ.වයි ඉන්වෙ­ස්ට්මන්ට්’ නම් ආය­ත­න­යක් හරහා මෙම මුදල් ප්‍රේෂ­ණය කර ඇති බව විම­ර්ශ­න­වල දී හෙළිවී තිබේ. මෙම පුද්ග­ලයා බම්බ­ල­පි­ටියේ තට්ටු නිවාස සංකී­ර්ණ­යක තාව­කා­ලි­කව නවා­තැන් ගෙන සිට ඇති බවත් හෝටල් හා තට්ටු නිවාස සංකී­ර්ණ­වල ඔහු නවා­තැන් ගෙන සිටින බවත් විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. පසු­ගිය දින­වල සැඟව සිටි සැක­ක­රුව පන්නා ගොස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ මීග­මුව, පෙරි­ය­මුල්ලේ නිවාස සංකී­ර්ණ­යකදී බව මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය සඳ­හන් කරයි.

සැක­ක­රුට අයත් බව කියන වාහන 08ක්ද විම­ර්ශන කට­යුතු සඳහා මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය විසින් සිය බාර­යට ගෙන ඇත. ඒ අතර රුපි­යල් කෝටි 11ක් පමණ වන වාහ­න­යක් ද ඇතැයි පොලී­සිය සඳ­හන් කරයි. සෙසු වාහන ද රුපි­යල් කෝටි 02කට අධික වටි­නා­කම් ඇති ඒවාය.

මොහු සතුව තිබී මුද­ලින් රුපි­යල් කෝටි 03ක් හමුවී ඇති අතර රුපි­යල් කෝටි 12ක මුදල් ඇති බැංකු ගිණු­මක් ද තහ­නම් කළ බව මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය සඳ­හන් කරයි.

මෙම සැක­කරු විසින් පසු­ගිය මාස 06ක කාලය තුළ පම­ණක් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 43ක මුද­ලක් ද ඊට පෙර මාස 06ක කාලය තුළ අමෙ­රි­කානු ඩොලර් මිලියන 40කට වැඩි මුද­ලක් ද රටින් පිට­කර ඇති බව අනා­ව­ර­ණය වී තිබේ.

මෙම ජාවා­රම සම්බ­න්ධ­යෙන් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සමඟ කෙරුණු ප්‍රශ්න කිරීමේ දී කළු සල්ලි සුදු කරන සහ රටින් මුදල් පිට­ක­රන ව්‍යාපා­රි­ක­යන් රැස­කගේ තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ. ඒ අතර නම­ගිය ව්‍යාපා­රි­ක­යන්ද සිටින බව සඳ­හන්ය. ඉදි­රි­යේදී ඒ අය­ගෙන් ප්‍රශ්න­ කර නීති­වි­රෝධි ලෙස මුදල් රටින් පිට­කි­රීම සම්බ­න්ධ­යෙන් නීති­මය පිය­වර ගැනී­මට මූල්‍ය අප­රාධ කොට්ඨා­සය සූදා­න­මින් සිටියි.

මෙම විම­ර්ශ­නය මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය විසින් ආර­ම්භ­ කර ඇත්තේ ශ්‍රී ලංකා රේගුව විසින් කළ පැමි­ණිලි 03ක් පද­නම් කර ගනි­මිනි.

භාණ්ඩ ආන­ය­නය කිරී­මේදී භාණ්ඩ සඳහා අදාළ මුදල්, වාණිජ බැංකු­වක් හරහා විදේ­ශ­යක සිටින සැප­යු­ම්ක­රුගේ බැංකු ගිණු­මට විදත් ක්‍රම­යක් මඟින් සෘජු­වම යැවීම සඳහා බැංකු­වට උප­දෙස් දෙන Telegraphic Transfer විවෘත කර අමෙ­රි­කානු ඩොල­ර්ව­ලින් අදාළ ගෙවීම් සිදු­කර ඇතත් නිය­මිත කාල­සී­මාව තුළ එම භාණ්ඩ මෙර­ටට පැමිණ නැති බව රේගුව විසින් කළ පැමි­ණි­ලි­වල සඳ­හන්ව තිබී ඇත. මෙහිදී එක් පැමි­ණි­ල්ල­කින් එවන් සමා­ගම් 89ක් ගැන තොර­තුරු රේගුව විසින් හෙළි­කර තිබී ඇත. ඒ ගැන මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය විසින් කළ විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත්තේ එම සමා­ගම් 89න් 36ක්ම එකම පුද්ග­ල­ය­කුට අයත් බවය. එම සමා­ගමේ අධ්‍යක්ෂ මණ්ඩ­ලය ලෙස සිටින පුද්ග­ල­යන් බැංකු කාර්යයන් පුරුදු නොමැති සාක්ෂ­ර­තා­ව අඩු අය බව මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය සඳ­හන් කරයි. ඒ සම්බ­න්ධ­යෙන් හඳු­නා­ගත් පුද්ග­ල­යන් 36 දෙනෙක් ප්‍රශ්න කිරී­මට ලක්ව ඇත. එහිදී ඔවුන් තමන් සමා­ගම් අධ්‍ය­ක්ෂ­වරු බව පවා දැන සිට නැත. ලිය­කි­ය­විලි කිහි­ප­යක් මුදල් ලබා දී අත්ස­න් ගත් බවත් ඒ හැරුණු කොට තමන් කිසි­වක් නොදන්නා බවත් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වා­ගෙන යන අත­ර­තුර බස්නා­හිර උතුර නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ කාලිංග ජය­සිංහ මහතා ද මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­ස­යට පැමි­ණි­ල්ලක් යොමු­කර ඇත්තේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන්ගේ කළු සල්ලි සුදු කරන ජාවා­ර­මක් ගැනය. ඒ බව අනා­ව­ර­ණය වී ඇත්තේ මත්කුඩු ඉතා සුළු ප්‍රමා­ණ­යක් සමඟ අත්අ­ඩං­ගු­ව­ට­ ගත් සැක­ක­රු­වෙක් සම්බ­න්ධ‍ෙ­යන් කළ දීර්ඝ විම­ර්ශ­න­ය­ක­දීය. එහිදී සැක­ක­රු­වකු සතුව තිබී මත්කුඩු ජාවා­ර­මෙන් උප­යා­ගත් රුපි­යල් කෝටි 03කට අධික මුද­ලක් ද සොයා­ගෙන ඇත. එහිදී මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­කුගේ මුදල් බැර­වන මිනු­ව­න්ගොඩ පිහිටි බැංකු ගිණු­මක තොර­තුරු ද අනා­ව­ර­ණය වී ඇත. එම ගිණුම මඟින් රුපි­යල් කෝටි ගණ­නක මුදල් හුව­මා­රු වී ඇති බව ද ‍ෙහළිවී තිබේ.

එම බැංකු ගිණුම ඩුබායි හි රැඳී සිටින ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­කු‍ෙග් ගෝල­යකු‍ගේ මෙ‍ෙහ­ය­වීම මත විවෘත කර ඇති එකක් බව අනා­ව­ර­ණය වී ඇත. එම ගෝලයා ද මෑත­කදී ඩුබායි සිට මෙර­ටට පිටු­ව­හල් කර එවා තිබී ඇති බවත් මත්කුඩු ජාවා­රමේ මුදල් රටින් පිට­ක­රනු ලබන්නේ ජෙෆ්රි මොහො­මඩ් හරහා බව ද එහිදී අනා­ව­ර­ණය වී තිබේ. ඒ අනුව රේගු‍වෙන් ලද පැමි­ණිල්ල විම­ර්ශ­න‍යේදී ජෙෆ්රි මොහො­මඩ්ගේ නම අනා­ව­ර­ණය වූ බැවින් මෙම සැක­කරු පසු­පස දිගින් දිග­ටම හඹා­යාමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිවී ඇත.

රටට භාණ්ඩ ආන­ය­නය කරන මුවා­වෙන් අමෙ­රි­කානු ඩොලර් රටින් බැහැර කිරීමේ ජාවා­ර­මක් පිළි­බඳ ඉකුත් දා මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තු­වේදී අනා­ව­ර­ණය කළේය. ඒ අය සම්බ­න්ධ­යෙන් තරා­ති­රම නොබලා නීතිය ක්‍රියා­ත්මක කරන බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

මෙරට ප්‍රධානපෙළේ භාණ්ඩ ආන­ය­න­ක­රු­වන් පිරි­සක් මෙම පුද්ග­ලයා මඟින් ඩොලර් විදේ­ශ­යන්ට යවා භාණ්ඩ ගෙන්වා ගන්නා බවත් එහිදී ලේඛ­න­ග­තව ඇති භාණ්ඩ ප්‍රමා­ණ­යට වඩා භාණ්ඩ ඒ තුළින් ගෙන්වා­ගෙන රටට විශාල තීරුබදු අහිමි කිරී­මක් කරන බව ද මෙම විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත. තීරුබදු නොගෙවා රට තුළට ගෙන්වා ගන්නා ඒම භාණ්ඩ අලෙ­වි­යෙන් ලබන ලාභය පවා පාරි­භෝ­ගි­ක­යාට නොලැ­බෙන බවත්, ඒම වාසිය මුළු­ම­නින්ම ව්‍යාපා­රි­ක­යන් පිරි­සක් අතට පම­ණක් පත්වන බවත් විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත. ඔවුන් තීරුබදු පම­ණක් නොව, ආදා­යම් බදු ද නොගෙවා දැවැන්ත මූල්‍ය වංචා­වක නිර­තව සිටින බව හෙළිවී තිබේ. එම ව්‍යාපා­රි­ක­යන් සම්බ­න්ධ­යෙන් ද මේ වන විට කරුණු රැස්ක­ර­මින් සිටින බව මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨාස තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු ඩොලර් රටින් පන්නනු ලබන්නේ එක් අමෙ­රි­කානු ඩොල­ර­යක් වෙනු­වෙන් රුපි­යල් දෙකත් තුනත් අතර ප්‍රමා­ණ­ය­න්ව­ලින් කොමිස් මුදල් ලබා ගනි­මින් බවත් ඒම මුදල් කාගේ­දැයි සොයා බැලී­මක් නොක­රන බවත් ප්‍රශ්න කිරී­ම්ව­ලින් අනා­ව­ර­ණය වී ඇත. ඔහුට මේ සඳහා සහය දෙන බැංකු සහ වෙනත් ආය­ත­න­වල පිරිස් ගැන ද මේ වන විට විම­ර්ශන පැවැත්වේ.

සැක­කරු කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට පෙරේදා (20) ඉදි­රි­ප­ත් කර දින 07ක් රඳ­වා­ගෙන විම­ර්ශන පැවැ­ත්වී­මට අව­සර ද ලබා­ගෙන තිබේ.‍

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *