Latestවිදේශීය

යුරෝපය උණුසුම් වෙයි – ප්‍රංශයේ 18ක් මියයයි

යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දරුණු උණුසුම් රැල්ල හේතුවෙන් එරට ප්‍රධාන නගර රැසක උෂ්ණත්ව වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇත.

ප්‍රංශයේ බෝඩෝ වයින් කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.9 ක් ලෙස සටහන් වන අතර එය මීට පෙර පැවති උපරිම සෙල්සියස් අංශක 41.2 ක වාර්තාව අභිබවා යාමක් ලෙස සදහන් වේ.

පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ පාසල් වසා දැමීමට හෝ කාලසටහන් සංශෝධනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම ස්පාඤ්ඤයේ සාමාන්‍යයෙන් සිසිල් දේශගුණයක් සහිත උතුරුදිග ප්‍රදේශවල ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙන්නේ ගෝලීය සාමාන්‍ය උණුසුම මෙන් දෙගුණයකටත් වඩා වැඩි වේගයකින් යුරෝපය උණුසුම් වෙමින් පවතින බවයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *