ප්‍රාදේශීය සිනමාශාලා ඉදිකිරීමට පියවර
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැංවීමේ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව සිනමා කර්මාන්තයේ දියුණුවත්, සිනමා ප්‍රේක්ෂකයින්ට වඩාත් පහසුවෙන් සිනමා නිර්මාණයක් නැරඹීමේ අවස්ථාව ලබා දීමත් යන අරමුණ පෙරදැරිව ප්‍රාදේශීය වශයෙන් සිනමා ශාලා ඉදිකිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර ඇත.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධව පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති මූලික සාකච්ඡාව 2026 ජුනි මස 24 වන දින ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සුදත් මහදිවුල්වැව මහතාගේ ප්‍රධානත්වයෙන් චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා ප්‍රාදේශීය වශයෙන් සිනමාශාලා ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපාරික මහතුන් 12 දෙනෙකු පමණ සහභාගී විය. ඒ් අතර දැනට සිනමා කර්මාන්තයේ නියැලී සිටින සිනමාශාලා හිමිකරුවන්ද, ප්‍රාදේශීය වශයෙන් සිනමා ශාලා ඉදිකිරීමට සූදානම්ව සිටීම සුවිශේෂ කරුණක් විය.
ගෝනවිල, පන්නල, පිටකෝට්ටේ, නාරම්මල , නිට්ටඹුව යන ප්‍රදේශයන් ආවරණය පරිදි ප්‍රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමට එස්. එම් සුරේෂ් කාංචන මහතා , රත්නසිරි පතිරණ මහතා , එන් .රණසිංහ මහතා, ඒ. ගොඩකන්ද මහතා සහ ඒ්. බී. වරුණ කැමැත්ක ප්‍රකාශ කළහ.
සිනමාශාලා ඉදිකිරීමේදී නව තාක්ෂණයෙන් යුතු ආසන ධාරිතාව 100-50ත් අතර ප්‍රමාණයේ වන සිනමා ශාලා ඉදිකිරීමට සියලුදෙනා එකඟ වූහ.
මීට අමතරව හැටන්, මොනරාගල , ඇඹිලිපිටිය , නුගේගොඩ යන ප්‍රදේශවල පවතින සිනමාශාලා නව තාක්ෂණය උපයෝගී කර ගෙන නවීකරණය කිරීමටත් , අමතරව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදි කිරීමටත් එන්. සෙල්වකුමාර් මහතා, සරත් ප්‍රනාන්දු මහතා, රසිත මාලන් මහතා, එම්. ඔමිත මහතා, එච්.එච්. කෞෂිත ඉමල්ක මහතා, කේ.ජී.විමලදාස මහතා සහ කේ.ජී. සංජය මහතා එකඟතාව පළ කළහ.
මෙම අවස්ථාව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර මහතා, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (මුදල් හා පාලන) ප්‍රදීප් ලංකා ධර්මවික්‍රම මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විමර්ෂණ) ගාමීණි රූපසිංහ මහතා අනෙකුත් විමර්ශන නිලධාරීහු සහභාගී වූහ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

