Latestදේශීය

ප්‍රශ්ණය කෙළින්ම පොලිස්පතිට කියන්න

මහජනතාවට තමන් මුහුණ දෙන සිදුවීම් හෝ පැමිණිලි සෘජුවම පොලිස්පතිවරයා වෙත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී ඇති “පොලිස්පතිට කියන්න” (Tell IGP) මහජන පැමිණිලි සේවාව 2026 වර්ෂයේදී ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බව දැනුම් දී ඇත.

මෙම සේවාව මඟින් දේශීය මෙන්ම විදේශීය ඕනෑම පුද්ගලයෙකුට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම තම පැමිණිලි හා තොරතුරු අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීමේ හැකියාව සලසා ඇත.

මෙම ක්‍රමවේදය ඔස්සේ මහජනතාවට සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්, විවිධ අපරාධ, රථවාහන වැරදි, මහජන පීඩා සහ දූෂණ ක්‍රියා සම්බන්ධ තොරතුරු සෘජුවම පොලිස්පතිවරයා වෙත යොමු කළ හැකි වේ.

ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අදාළ කොට්ඨාස භාර නිලධාරීන් (Divisional Officers) හරහා නියමිත පොලිස් ස්ථාන වෙත කඩිනමින් දැනුම් දෙන අතර, ඒ අනුව විමර්ශන නිලධාරීන් යොදවා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් වේ.

එමෙන්ම, ඉදිරිපත් කළ පැමිණිල්ලකට සතුටුදායක විසඳුමක් නොලැබුණහොත්, එම ක්‍රමවේදය ඔස්සේම නැවත වරක් පොලිස්පතිවරයා සෘජුවම දැනුවත් කිරීමේ හැකියාවද මහජනතාවට ලබාදී ඇති බව විශේෂත්වයකි.

මහජනතාවට http://www.police.lk නිල පොලිස් වෙබ් අඩවියට පිවිස එහි ඇති ඊ-සේවාව (E-Service) යටතේ ස්ථාපිත “පොලිස්පතිට කියන්න ” (Tell Inspector General Of Police) සේවාව තේරීමෙන් හෝ පහත ක්‍රමවේද ඔස්සේ සිය පැමිණිලි යොමු කළ හැකිය:

වෙබ් යොමුව: https://telligp.police.lk

විද්‍යුත් තැපෑල (Email): http://telligp@police.gov.lk

මහජනතාව සඳහා වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දිවයින පුරා පවතින ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 48 හිම විශේෂ පුහුණුව ලත් පරිගණක ක්‍රියාකරුවන් යොදවමින් ව්‍යාප්ත කර ඇත. මෙම සමස්ත ක්‍රියාවලියම පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

@දිනමිණ

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *