Latestදේශීය

සලේ නදුන්ට සමාන වෙද්දී නදුන්ගේ බිරිද සලේගේ බිරිදට වඩා ඉහළින් සිටින්නේ කෙසේද?

පාස්කු ඉරුදින එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල දී අත්තඩංගුවට ගත් සුරේෂ් සලේ සහ පාතාල කල්ලි නායකයෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා යන දෙදෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එක සමාන බිය මුසු ප්‍රතිචාර දක්වා ඇත.

එමෙන් ම, ඔවුන් දෙදෙනාගේ භාර්යාවන් දෙදෙනා ම එම පනත යටතේ සිය සැමියන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර, නදුන් චින්තකගේ බිරිඳ ඍජුව දේශපාලකයින් සමඟ ගැටීමට ඉදිරිපත් වී සිටින්නීය. එහෙත් සුරේෂ් සලේගේ බිරිඳ දේශපාලන කල්ලි කිහිපයක අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වන ප්‍රචාරක ව්‍යාපෘතියක ගොදුරක් බවට පත් වී සිටී.

මෙම සමස්ත තත්වය පිළිබඳව විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියෙකු වන සුරේෂ් සලේ ඉතාමත් දියාරු දේශපාලන ගොදුරක් වී ඇති අතර, නදුන් චින්තක තමන් මුහුණ දෙන ප්‍රශ්නවලට ඍජුව මුහුණ දීමේ ආත්ම ශක්තියකින් යුතු පුද්ගලයෙකු බව ය. එමෙන් ම නදුන් චින්තකගේ බිරිඳ ද විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධුරයේ සිටිය දී පවා දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් සමඟ ඍජුව ගැටීමට තරම් නිර්භීත වී ඇති බව ද විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *