Latestදේශීය

2010-2025 කොළඹ මහ නගර සභාවේ දූෂණ වංචා තව තවත් හෙළිවෙයි

කොළඹ මහ නගර සභාවේ 2010 සිට 2025 වර්ෂය දක්වා කාලයේ මහ පරි­මා­ණයේ දූෂණ වංචා හිතා ගැනී­ම­ටත් නොහැකි තර­මට සිදුව ඇතැයි ඒ සම්බ­න්ධ­යෙන් කරුණු සොයා බැලීමට පත්කර ඇති ජන­පති කොමි­ස­මට පෙනී ගොස් ඇත.

ඒ සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් විම­ර්ශ­නය කිරීම සඳහා කොමි­සමේ කාලය තවත් මාස 6ක් දීර්ඝ කිරී­මට ජනා­ධි­පති අනුර දිසානායක පිය­වර ගෙන තිබේ.

ඒ අනුව ඊයෙන් (29) අව­සන් වීමට නිය­මිත කොමි­සම දෙසැ­ම්බර් 31දා දක්වා දීර්ඝ කර ඇත.

2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැල­කෙන දූෂණ ක්‍රියා, වංචා, සාප­රාධී ලෙස විශ්වා­සය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වර­ප්‍ර­සාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අව­භා­වි­තය, නීත්‍ය­නු­කූල නොවන බඳවා ගැනීම්, පත්කි­රීම් සහ ප්‍රස­ම්පා­දන මාර්ගෝ­ප­දේශ උල්ලං­ඝ­නය කිරීම, නිශ්චල හෝ චංචල දේපොළ කුලි­යට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍ර­මි­කතා, නිසි කාර්ය පරි­පා­ටි­යෙන් බැහැ­රව සිදු කර ඇති නඩු කට­යුතු සහ සමථ කිරීම්, ඉහත ක්‍රියා හේතු­වෙන් රජයේ වත්ක­ම්ව­ලට හෝ ආදා­ය­මට සිදු වූ බර­ප­තළ අලාභ සහ හානි පිළි­බඳ සොයා බැලීම සඳහා මෙම ජනා­ධි­පති පරී­ක්ෂණ කොමි­ෂන් සභාව පත්ක­රනු ලබන්නේ ජනා­ධි­පති අනුර දිසා­නා­යක විසිනි.

කොළඹ මහ නගර සභාවේ සිදුව ඇති වංචා දූෂණ සම්බ­න්ධ­යෙන් හිටපු නග­රා­ධි­ප­ති­වරු කැඳවා ඔවු­න්ගෙන්ද ප්‍රශ්න කිරී­මට කොමි­සම සූදා­න­මින් සිටියි. ඒ අනුව ලබන සති­යේදී හිටපු නග­රා­ධි­පති රෝසි සේනා­නා­යක කොමිස මහමු­වට කැද­වී­මට නිය­මි­තය.

ඒ මහ නගර සභාව තුළ ඇගේ කාලය තුළ සිදුව ඇති සිදු­වීම් කිහි­ප­යක් ගැන ප්‍රශ්න කිරී­මට බව කොමි­සමේ ආරංචි මාර්ග සඳ­හන් කළේය.

ජනා­කීර්ණ සහ ව්‍යාපා­රික ස්ථාන­වල සිය කාර්යාල ඇති බවට ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කර­මින් ඒ තැන්වල වාහන නැවැ­ත්වී­මට ඉඩ වෙන්ක­ර­ගෙන එම ස්ථාන ඉහළ මිල ගණ­න්ව­ලට අලෙවි කර­මින් පසු­ගිය පාලන කාල­ව­ලදී කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී­වරු විසින් කළ මහා පරි­මා­ණයේ වංචා­වක් සම්බ­න්ධ­යෙන් ද මේ වන විට කොමි­සම විම­ර්ශ­න­යක් ආර­ම්භ­ කර තිබේ.

සිය කාර්යා­ල­යට පැමි­ණෙන මහ­ජ­න­තා­වගේ වාහන නැවැ­ත්වී­මට යැයි කියා සභා­වට ව්‍යාජ ලේඛන ඉදි­රි­ප­ත් කර වෙන්ක­ර­ගන්නා ඉඩ ප්‍රමා­ණය මන්ත්‍රී­වරු විසින් වාර්ෂි­කව අලෙ­වි­ කර ඇත්තේ රුපි­යල් ලක්ෂ 10 සිට ඉහළ ගණ­න්ව­ලට බවත් ඇතැම් මන්ත්‍රී­වරු රුපි­යල් ලක්ෂ 30ත් 40ත් අතර ඉහළ ගණ­න්ව­ලට එම වාහන නැව­තුම් ස්ථාන අලෙ­වි­ කර ඇති බවට තොර­තුරු කොමි­ස­මට අනා­ව­ර­ණය වෙමින් ඇත. කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී­වරු 119 දෙනා­ගෙන් 108 දෙන­කුම මෙම වංචාව සිදු­කර ඇති බව විම­ර්ශ­න‍යේදී පෙනී ගොස් තිබේ.

සිය කාර්යාල ඇති බව සඳ­හන් කර­මින් ලිපි­න­යන් ලබාදී ඇති ස්ථාන­වල ඇත්තේ ව්‍යාපා­රික ස්ථාන බවත් එම ව්‍යාපා­රික ස්ථාන පවා ඇත්තේ කොළඹ නග­රයේ ඉතා ජනා­කීර්ණ සහ ජන­තාව වැඩි වශ­යෙන් පැමි­ණන ව්‍යාපාර ස්ථාන බවත් මූලික විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී­ව­ර‍ෙ­යක්ගේ කාර්යා­ල­යක් තම ව්‍යාපා­රික ස්ථාන­වල නොති­බුණු බව එකී ව්‍යාපා­රික ස්ථාන­ව­ලින් කළ සොයා බැලී­මේ­දීද පැහැ­දිලි වී තිබේ. සිදුව ඇත්තේ මන්ත්‍රී­ව­රුන් විසින් මුද­ලට එකී ව්‍යාපා­රික ස්ථාන­ව­ලට වාහන ගාල් කිරී­මට ඉඩ අනී­තික ලෙස වෙන්කර දීම බව ද පෙනී ගොස් ඇත. ඒ සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී අදාළ මන්ත්‍රී­ව­රුන් කැඳවා ප්‍රශ්න කිරී­මට කොමි­සම සූදා­න­මින් සිටියි.

හිටපු මහා­ධි­ක­රණ විනි­සුරු නීතිඥ පිය­සේන රණ­සිංහ මහතා මෙම කොමි­සන් සභාවේ සභා­පති ලෙස කට­යුතු කරනු ලබයි.

කොමි­ෂන් සභාවේ සෙසු සාමා­ජි­ක­යන් ලෙස ශ්‍රී ලංකා ගණ­කා­ධි­කාරි සේවයේ (1 ශ්‍රේණිය) ඊ.ආර්.එම්.එස්.එච්. ඒක­නා­යක සහ විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ඩී.එස්. වික්‍ර­ම­සිංහ යන මහ­ත්වරු කට­යුතු කරති.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *