Latestවිදේශීය

අමෙරිකා ඉරාන සාකච්ඡා සාර්ථකයි

අමෙරිකාව සහ ඉරානය අතර දෝහා නුවරදී පැවැති සාකච්ඡා ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාර්ථක ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව කටාර් රාජ්‍යය සදහන් කරයි.

දෙපාර්ශවයම ඉදිරි කාලසීමාව තුළද මෙම සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කටාර් විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක මාජෙද් අල්-අන්සාරි පෙන්වා දෙන්නේ කටාර් සහ පාකිස්තාන මැදිහත්කරුවන් හරහා මෙම සාකච්ඡා සම්බන්ධීකරණය කර ඇති බවයි. ඔවුන් දෝහා අගනුවරදී අමෙරිකානු සහ ඉරාන නියෝජිත කණ්ඩායම් සමඟ වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබේ.

මෙම නවතම සාකච්ඡා වටය මීට පෙර ස්විට්සර්ලන්තයේ පැවැති ඉහළ මට්ටමේ සාකච්ඡාවල ප්‍රතිඵල මත පදනම්ව සිදුවූවක් බව කටාර් විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකා – ඊශ්‍රායල ගැටුම් අතරතුර එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයෙන් පසුව,මීළඟ සාකච්ඡා වටය හැකි ඉක්මනින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. කමේනිගේ අවමංගල්‍ය උත්සවය ජූලි 4 වැනිදා සිට 9 වැනිදා දක්වා ඉරානයේ සහ ඉරාකයේදී පැවැත්වීමට නියමිත බව ද වාර්තාවේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *