මරියසෙල් ගුණතිලක හඬ නිහඬ වෙයි
ප්රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්රාප්ත වේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඇය අද (10) උදෑසන අභාවප්රාප්ත වී ඇති බව වාර්තා වේ.
මිය යන විට ඇය 68 වියෙහි පසුවුවාය.
වයස අවුරුදු 7දී පමණ ගායන කේෂ්ත්රයට පිවිසි ඇය බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක ලෙස ජනාදරයට පත්විය.
ඇය කැන්ඩි ළමිස්සි ගීතයෙන් අතිශය ජනප්රියත්වයට පත් මරියසෙල් ගුණතිලක රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැසක ඇතුළු ගීත ගණනාවක් ගායනා කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

