නාමල් ඥානසාර හිමි සරණ යන්නේ ඇයි?
පොහොට්ටු පක්ෂයේ ප්රචාරකයන් විසින් ලිමිනි වීරසිංහ පිළිබඳව විශාල ප්රචාරයක් ගෙන යන අතර, ඇයගේ සැමියා වන නාමල් රාජපක්ෂ ගලගොඩඅත්තේ ඥාණසාර හිමිව දේශපාලන සටන් පාඨයක් කර ගෙන තිබේ.
පසුගිය 23 වෙනි දින පාර්ලිමේන්තුවේ දී නාමල් රාජපක්ෂ ප්රකාශ කර තිබෙන්නේ අනෝජන් ශිවරාජා සෞදි අරාබියේ අධිකරණයක් විසින් පැනවූ මරණ දණ්ඩනයෙන් නිදහස් කර ගැනීමට ක්රියා කළ ආකාරයට ගලගොඩඅත්තේ හිමි ද නිදහස් කර ගත යුතු බව ය.
නාමල් රාජපක්ෂගේ මෙම ප්රකාශයට එරෙහිව දැඩි ප්රතිචාර දක්වන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඔහු ඍජුව ම අන්තවාදය වෙනුවෙන් පෙනී සිටීම ආරම්භ කර ඇති බවයි. ඥාණසාර හිමි නිදහස් කළ යුතු බවට වෙනත් පුද්ගලයන් යොදා ගනිමින් ගෙන ගිය ප්රචාර අසාර්ථක වීමෙන් පසුව නාමල් රාජපක්ෂ පෙනී සිටීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

