Latestදේශීය

ජොන්ස්ටන්ට දඩ

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ඊයේ (25) ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළ එම තීන්දුව අනුව පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක සිරදඬුවමක් නියම කර ඇත.

දෙවැනි චෝදනාවට රුපියල් ලක්ෂයක දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇති අතර, එම සිරදඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබේ.

තුන්වැනි චෝදනාවට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *